මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට මිරිස් අවශ්‍යතාවය 100% ක් සපුරා ගැනිමේ අරමුණෙන් දියත් කළ නාවලපිටිය අක්කර සියයක ආදර්ශ මිරිස් වගාව සාර්ථකයි

    සැප්තැම්බර් 27, 2021

    මෙරටට අවශ්‍ය මිරිස් මෙරටේ දී නිෂ්පාදනය කර ගැනීම සඳහා දියත් කර ඇති මිරිස් වගා කීරිමේ ව්‍යාපෘතිය යටතේ නාවලපිටිය ගලබොඩ වතුයායේ අක්කර සියයක මිරිස් වගාවේ අස්වැන්න නෙලීම (26) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගේ නිරීක්ෂණය යටතේ සිදු විය.

    මෙරට වාර්ෂික මිරිස් අවශ්‍යතාවය මෙ.ටොන් 5,000 ක් වුවද මෙරට නිෂ්පාදනය කරනු ලබන මිරිස් ප්‍රමාණය මෙ.ටොන් 50 ක් පමණය. මෙනිසා මිරිස් ආනයනය සදහා වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පිටරටට ඇදී යාම වළක්වා මෙරට මිරිස් අවශ්‍යතාවය මෙරටදීම නිෂ්පාදනය කර ගැනීම සදහා පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ. මේ අනුව හෙක්ටයාර් 3,000 ක මිරිස් වගා කිරිමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

     

    මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනවසමට අයත් ආර්ථික ඵලදායිතාවක් නොමැති ගලබඩ වතුයායේ අක්කර සියයක් වතුකරයේම දෙමළ තරුණයින් සියදෙනෙකු වෙත බෙදා දී මිරිස් වගාව ආරම්භ කළේ ආදර්ශ වගාවක් ලෙසය.

    වියළි කලාපයේ සාර්ථකව වැවෙන මිරිස් සීත දේශගුණික තත්වයන් යටතේ වගා කර පලදාව ලබා ගැනීම අසීරු බවට මතවාදයක් ගොඩ නගා තිබුණි. ඒ මතයට අභියෝග කරමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම අක්කර සියයක මිරිස් වගාව ආරම්භ කර ඇත. දමිළ තරුණ පිරිසද ඉතා උනන්දුවෙන් මිරිස් වගාවට යොමු වී පලමු අක්කර සියය තුළ වගාව සාර්ථක කරගැනීම හේතුවෙන් ගලබඩ වත්තතේ තවත් අක්කර සියයක මිරිස් වගාව ආරම්භ කිරිමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කටයුතු යොදා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya