මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයස අවුරුදු 30 න් ඉහළ එන්නත් දෙකම ලබාදීම අනුව ලෝකයේ පළමු රටවල් 10 අතර අප සිටිනවා- සෞඛ්‍ය අමාත්‍ය

    සැප්තැම්බර් 26, 2021

    වයස අවුරුදු 30 න් ඉහළ එන්නත්කරණයේදී එන්නත් දෙකම ලබාදීම අනුව ලෝකයේ පළමු රටවල් 10 අතර අප සිටින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණයකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    මෙහිදී එම රෝහලේ පවතින අඩුපාඩු පිළිබඳව අමාත්‍යවරයාගේ දැඩි අවධානය යොමු විය. මූලික
    රෝහලක්ව පැවති එම රෝහල 2004 වර්ෂයේදී දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත්විය. මේ වන විට මධ්‍යම පළාත් සභාව යටතේ පවතින නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම ආණ්ඩුව වෙත පවරා ගැනීමේ වැඩපිළිවෙළ මේ වන විට අවසන්ව පවතින අතර ඒ අනුව එය ඉතා කඩිනමින් සිදු කිරීමට නියමිතය.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා දේශපාලන නියෝජිතයන් පිරිසක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    රට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපදිමින් කටයුතු කරන ලෙස ජනතාවගෙන් තමා ඉල්ලා සිටින බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය. එසේ සිදු කිරීම තුළින් කොවිඩ් පාලනය සාර්ථකව සිදුකර එම සටන ජය ගැනීමට හැකි වනු ඇතැයිද හෙතෙම පැවසීය.

    සෞඛ්‍යය ක්ෂේත්‍රය උපරිම සේවාව මේ සඳහා ලබාදෙන අතරතුර පුරවැසියන්ගෙන් ඉටුවිය යුතු යුතුකම හා වගකීම නිසි ලෙස ඉටු විය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි. මෙය ඉතා කල්පනාකාරීව මෙන්ම උවමනාවෙන් ඉටුකල‍යුතුව ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් එසේ කරන ලෙස තමන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.

    මෙහිදී වැඩිදුරටත් කතා කළ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙසේද පැවසීය.... ඉතාමත්ම සාර්ථකව මේ වෙනවිට කොවිඩ් පාලනය කරගෙන යනු ලබනවා. දැනට තිබෙන තත්ත්වය අනුව යම් මට්ටමකට මෙය හොද අතට හැරී තිබෙනවා.

    වයස අවුරුදු 30 න් ඉහළ එන්නත්කරණයේදී එන්නත් දෙකම ලබාදීම අනුව ලෝකයේ පළමු රටවල් 10 අතර අප සිටිනවා. මේ වන විට පළමු රටවල් 03 – 04 අතරට පැමිණ තිබෙනවා. වයස අවුරුදු 20-29 අතර එන්නත්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. වයස අවුරුදු 12-19 අතර විවිධ සංකූලතා සහිත දරුවන් එන්නත්කරණය එම දරුවන් වැඩිපුර සිටින කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක කේන්ද්‍රකර ගනිමින් ඊයේ දින ආරම්භ කළා. මේ වන විට කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තාවීම සහ මරණ ප්‍රමාණයේ අඩුවක් තිබෙනවා.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya