මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික බස්රථ හිමියන් වෙත සහන වවුචර පත් ප්‍රදානය කෙරේ

    සැප්තැම්බර් 25, 2021

    ලෝකයම මුහුණපා සිටින දරුණුතම වසංගත තත්ත්වයේ දී වූවද පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කිරීම සදහා දායකත්වය දැක්වූ පෞද්ගලික බස්රථ හිමියන් වෙනුවෙන් සහන සැපයීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ සංකල්පයකට අනුව පෞද්ගලික බස්රථ හිමියන් සදහා සහන වවුචර පත් ප්‍රදානය කිරීම (24)දින මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේදී සිදුවිය.

    මෙ⁣හිදී බස්රථ හිමියන් සදහා බැටරි,ටයර්,ටියුබ්,ලිහිසිතෙල් සදහා (ලේලන්ඩ්,ඩිමෝ,සියැට්,ලාෆ්ලුබ්රිකන්ට්,වොන් ලුබ්රිකන්ට්) යනාදී ආයතන මගින් මිලදී ගැනීම් සිදු කිරීමේදී අවුරුද්දක් සදහා වූ රුපියල් 65000 - 75000 අතර සහනයක් පිරිනැමීමටත්, බස්රථ සඳහා වූ ගෙවීගිය අමතර කොටස් ලබාගැනීමේ දී අශෝක්ලේලන්ඩ් ආයතනය මගින් 10% ක වටමක් ලබාදීමටත්, රක්ෂණ ආවරණ ලබා ගැනීමේදි කොටස් වශයෙන් ගෙවීමක්ද හිමිවනු ඇත.

    මෙම උත්සව අවස්ථාව සදහා ජාතික ගමනාගමන කොමිසන්සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතාද මධ්‍යම පලාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති හසිත මහතාද සහභාගී විය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya