මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්ජන විරෝධී ගුරුවරුන්ට තර්ජනය කළ පුද්ගලයන්ගෙන් සී.අයි.ඩී ප්‍රශ්න කළේ මගේ උවමනාවට නොවේ- මහජන ආරක්ෂ ඇමති

    සැප්තැම්බර් 22, 2021

    ගුරු වැඩ වර්ජනයේ නිරත ඇතැම් පුද්ගලයන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම ගැන සමහර පාර්ශව තමාට කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.

    අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කළ අමාත්‍යවරයා ගුරු වර්ජනයට සහභාගී නොවී මාර්ගගත ක්‍රමයට උගන්වන ගුරුවරුන්ට, ගුරු වර්ජනය මෙහෙයවන
    පුද්ගලයන් තර්ජනය කරන බවට අපරාධ පරීක්ෂණ පෙදාර්තමේන්තුවට පැමිණිලි කළේ වර්ජනයට එරෙහි ගුරුවරුන් බවත් ඊට කිසිදු දේශපාලන මැදිහත්වීමක් නැති බවත් කීවේය.

    වර්ජනය කිරීම ජනතාවගේ ප්‍රජාතාන්තවාදී අයිතියක් වුවද බහුතරයක් ගුරුවරුන් වර්ජනයට එක්ව ඇත්තේ ඔවුන්ගේ කැමැත්තට නොව බලකිරීමටයැයි පෙන්වාදුන් වීරසේකර මහතා දුරකථන ඇමතුම් මගින් ගුරුවරුන් තමාට ඒ බව දැන්වූ බව සඳහන් කළේය.

    “උතුරු, නැගෙනහිර සියලුම පාසල්වල ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වලත් ඉගැන්වීමේ කටයුතු අඛණ්ඩව සිදු වෙනවා. අද අනාථ වෙලා ඉන්නේ දකුණේ රජයේ පාසල් දරුවන් පමණයි. මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. ඒ නිසා මම ගුරුවරුන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා දරුවන්ගේ අනාගතය ගැන හිතලා ඉගැන්වීම් පටන් ගන්න කියලා” අමාත්‍යවරයා පැවසීය.

    රජයේ සේවකයන්ගේ රාජකාරියට බාධා කිරීම බරපතල දඬුවම් ලැබිය හැකි වරදක් බව අවධාරණය කළ අමාත්‍ය සරත් වීරසේකර මහතා වර්ජනය නොතකා ඉගැන්වීමෙහි නිරත ගුරුවරුන්ට වචනයකින් හෝ බලපෑමක් කළහොත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya