මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීමට වැලි ගෙන ගිය බවට කියවෙන ප්‍රකාශය පරිසර ඇමති ප්‍රතික්ෂේප කරයි

    සැප්තැම්බර් 22, 2021

    මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීම සඳහා නැගෙනහිර පළාතේ වැලි රැගෙන ගොස් ඇතැයි සිදු කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීම සඳහා නැගෙනහිර පළාතේ වැලි රැගෙන ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් රාසමාණික්‍යම් මහතා සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් පරිසර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    එක්තරා පෞද්ගලික සමාගමක් ජල පෙරහන් සඳහා වැලි කියුබ් අටක් පසුගිය කාලයේ දී මාලදිවයිනට රැගෙන ගොස් ඇතැයි තමාට තොරතුරු දැනගන්නට ලැබුණු බවත් ඒම වැලි නැගෙනහිර පළාතෙහි වැලි නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ් අනුව එවැනි කටයුත්තක් සඳහා අපේ රටේ කිසිම ස්ථානයකින් වැලි රැගෙන ගොස් නැතැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya