මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ මාධ්‍ය පාලනයට රජය කටයුතු කරන්නේ නෑ

    සැප්තැම්බර් 22, 2021

    දරදඬු නීති පනවා සමාජ මාධ්‍ය පාලනය කිරීමට නොහැකි බවත්, රජයක් ලෙස තමන් කිසි ලෙසකින් වත් සමාජ මාධ්‍ය පාලනය කිරීමට කටයුතු නොකරන බවත්, කැබිනට්
    මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද ( සැප්තැම්බර් 22 දා) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සමාජ මාධ්‍ය පාලනය කිරීමට නීති ගෙනඒමට රජය
    කටයුතු කරන්නේද යන්න මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍යවරයා “රජයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත්, සම කැබිනට් ප්‍රකාශකවරයකු ලෙසත් සමාජ මාධ්‍ය නීති යොදා පාලනය කරන්නේ නැති බවට මා ඉතා වගකීමෙන් කියනවා. එහෙත් ඔබේ පැත්තෙන් යම් ආචාරශීලී ප්‍රතිපත්තීන් සඳහා කර්තෘවරුන්ගේ සංසදය, රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශකයන්ගේ සංසදය වැනි ආයතන හා රජය අතර යම් එකඟතාවයකට එන්න කියලා මා ඉතා කාරුණිකව ඉල්ල සිටිනවා. කිසියම් පුවතක් වැරදි ආකාරයට ප්‍රචාරය වූවිට ඒ සම්බන්ධ සිත් රිදෙන පාර්ශවයන් විශාල පාර්ශවයන් ප්‍රමාණයක් තිබෙනවා. ඒ අය ගැන සිතා යම් පාලනයකට එන්න කියලා මා ඉල්ලා සිටිනවා.” යනුවෙන් පැවසීය.

    නීති රීතිවලින් ජනමාධ්‍ය පාලනය කිරීමට නොහැකි බවත්, මාධ්‍ය වල පලවන වැරදි පුවත් මගින් සිදුවන අකටයුතුකම් නැවැත්විය හැක්කේ සුහද සාකච්ඡාවකින් පමණක් බවත්, පුවත් පලකිරීමේදී යම් යම් ආචාර ධර්ම තමන් විසින් ම පනවා ගතයුතු බවත්, ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya