මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෙරවළපිටිය කිසිඳු සමාගමකට පැවරීමට අවසන් එකඟතාවයකට පැමිණ නෑ

    සැප්තැම්බර් 22, 2021

    කෙරවළපිටිය බලාගාරය අමෙරිකානු සමාගමකට ලබා දීමට කිසිඳු එකඟතාවයකට එළැඹ නොමැති බවත්, දැනට තිබෙන තත්වය යටතේ දෙපාර්ශවය සංකල්පීය එකඟතාවයකට පමණක් පැමිණ ඇති බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද ( සැප්තැම්බර් 22 දා) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කෙරවළපිටිය බලාගාරය අමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා ඉදිරියේ දී පාර්ලිමේන්තුවේදී සත්‍ය තත්ත්වය හෙළිකරනු ඇති බවත්, රජය නියෝජනය කරන පාර්ශවද අගමැතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත්, කෙසේ වෙතත් කිසිඳු සමාගමකට පැවරීමට අවසන් එකඟතාවයකට පැමිණ නැති බවත්, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya