මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපරිම මිල ඉක්මවා සීනි විකිණීම කරන සියලු දෙනාට තරාතිරම නොබලා දඬුවම්- රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර

    සැප්තැම්බර් 21, 2021

    ආනයනික සීනි සම්බන්ධයෙන් රජය දී ඇති උපරිම මිල ඉක්මවා විකිණීම කරන සියලු දෙනාට තරාතිරම නොබලා දඬුවම් දෙන බවත්, සීනි මිළ ස්ථාවරව පවත්වා ගැනීමට කටයුතු කරන බවත්, උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

    ආනයනික සීනි සම්බන්ධයෙන් වන රජයේ තීරණය දැනුම් දෙමින් මාධ්‍ය ඉදිරියේ අමාත්‍යවරයා මේ බව පැවසීය.

    තමන් සමූපකාර සමිති සඳහා ප්‍රමාණවත් ලෙස සීනි ලබාදීමට කටයුතු කරන බවත්, සාමාන්‍ය ජනතාවට නිසි මිලට සීනි ලබාදීමට හැකි සියලු මාර්ග විවෘත කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව දේශීය සීනි රුපියල් 125ක් ලෙසද ආනයනික තොග සීනි 116ක් ලෙසද ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya