මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් රජයේ අවශ්‍යතාව වන්නේ ජල බිල වැඩිකිරීම නොවෙයි- අමාත්‍ය වාසුදේව නානායක්කාර

    සැප්තැම්බර් 08, 2021

    වත්මන් රජයේ අවශ්‍යතාව වන්නේ ජල බිල වැඩිකිරීම නොව ජලබිල්පත අඩු කිරීම මෙන්ම ජලය සැපයීමේදී වැයවන ප්‍රමාණයට සාපේක්ෂව ආදායම වැඩිකරගැනීම බවත්, පිරිසුදු පානීය ජලය මෙරට සියලු පුරවැසියන්ට ලබාදීම බවත්, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සැප්තැම්බර් 08 (අද) පැවති “2025 දී සැමට ජලය ව්‍යාපෘතිය කොවිඩ් මැද ඉදිරියට” විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් දැක්වීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ සාමාන්‍ය ජනතාවගේ බිල්පත වැඩිකර ආදායම් ඉපැයීම වෙනුවට කර්මාන්තවලට සපයන ජලය පරිභෝජනයට සමපාතව ඔවුන්ගෙන් මුදල් ගැනීමට හැකියාවක් ඇති බවත්, ඊට අමතරව ආදායමක් නොලබා අපතේ යන ජලය ආරක්ෂා කිරීමට පියවර ගැනීම හා ඒවා මුදල් බවට පත්කිරීමට කටයුතු කිරීම මගින් ආදායම වැඩිකර ගැනීමට හැකි බවත්ය.

    එමෙන්ම ජල පහසුකම් සම්බන්ධතා ලබාගන්නා ප්‍රමාණය වැඩි කිරීම තුළින්ද ආදායම වැඩි කරගත හැකි බවත්, සැප්තැම්බර් මස අවසන් වන විට නව ජල සබඳතා එක්ලක්ෂ විසි දහසකට අධික ප්‍රමාණයක් ලබාදීමට බලාපොරොත්තු වන බවත්, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

    රටේ තිබෙන ප්‍රධානතම ප්‍රශ්ණවලින් එකක් ලෙස පිරිසුදු ජලය හිඟවීම ගතහැකි බවත්,පිරිසුදු ජලය සැපයීම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධාන පොරොන්දුවක් කරගනු ලැබුවේ මෙම නිසා බවත්, අමාත්‍යවරයා පැවසීය.
    ජලය හිඟවීම දේශපාලන චෝදනාවක් කරගැනීම සහ ජලය සැපයීම දේශපාලන උපක්‍රමයක් කරගැනීම තමන් අත්ටුදු බවත්, සිය පාලන කාලය අවසන් වීමට පෙර එවැනි ප්‍රශ්ණයක් නැවත පැණ නොනැඟීමට සැමට පානීය පිරිසුදු ජලය ලබාදීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ජලය සැපයුමට පමණක් නොව ජලය ජනනය කිරීමටත් සැළසුම් කර තිබෙන බවත්, ජලය ආරක්ෂා කරගැනීම උදෙසා වෘක්ෂලතා ආරක්ෂා කරගැනීමේ ජාතික ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත්, ජල පෝෂක ප්‍රදේශවල තිබෙන වන ගහණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කර ඒවා තිබිය යුතු ප්‍රමාණයට සැකසීම සිදු කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.

    තම අමාත්‍යංශයේ ජල සම්පත් මණ්ඩලය ඒ සම්බන්ධයෙන් කටයුතු මෙහෙයවන බවත්, ජල සම්පාදන මණ්ඩලය ජලය සැපයීම සිදු කරන අතර ජල සම්පත් මණ්ඩලය භූගත ජලය සුරකින, ඒවා පිලිබඳ ඇස්තමේන්තු සිදු කරන බවත්, ප්‍රජා ජල දෙපාර්තමේන්තුව කුඩා ජල සැපයුම්වල නිරත බව බවත්, අමාත්‍යවරයා පැවසීය.

    ජලය සැපයීමේදී පාරිභෝගිකයන්ට අසාධාරණයක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හැකියාවක් පවතින බවත්, ඒවා විසඳීමට වෙනමම අංශයක් පවතින බවත්, වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya