මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා තත්ත්වය යටතේ ජල බිල්පත් ගෙවීමේ දී සහනයක්

    සැප්තැම්බර් 08, 2021

    පවතින කොරෝනා තත්ත්වය යටතේ නිරෝදායනයට ලක්වූ ප්‍රදේශවල හෝ ජල බිල්පත් ගෙවීමට අපහසු කිසිඳු පාරිභෝගිකයකුගේ ජල සම්බන්ධතා විසන්ධි නොකළ බවත්,
    ඔවුන්ට බිල්පත් ගෙවීමේදී සහන ලබාදුන් බවත්, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (08) පැවති “2025 දී සැමට ජලය ව්‍යාපෘතිය කොවිඩ් මැද ඉදිරියට” විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී නිරෝධායනයට ලක්වූ ජලාපවාහන මණ්ඩලයේ පාරිභෝගිකයන්ගේ ජල බිල්පත් ගෙවීම් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදී ඒ මහතා මෙම අදහස් දැක්වීය.

    ජනතාවට ඔවුන්ගේ ජීවිතයේ එදිනෙදා ජීවනෝපායන් පවත්වාගෙන යාමට බැරි තත්වයක් උදාවූයේ නම්, එම ප්‍රදේශවල ජල බිල්පත් නොගෙව් පමණින් විසන්ධි නොකර එම ජල බිල්පත් ගෙවීමට ඔවුන්ව උනන්දු කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya