මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත භූගත ජලය පිළිබඳව ඇගයීමක් සිදු කළ යුතුයි - ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්

    සැප්තැම්බර් 08, 2021

    මෙරට සමස්ත භූ ගත ජල ධාරිතාවය පිළිබඳ ඇගයීමක් සිදු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල ආරම්භ කොට ඇතැයි ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බන්දු වික්‍රම මහතා පවසයි.

    ඒ මහතා මේ බව කියා සිටියේ, අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 දී සැමට ජලය ව්‍යාපෘතිය කොවිඩ් මැද ඉදිරියට යන මැයෙන් පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    මෙරට සමස්ත භූගත ජල ධාරිතාවය පිළිබඳව තක්සේරුවක් මේ වන තෙක් සිදු කර නොමැති හෙයින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව කියා සිටි ලේකම්වරයා, මෙවැනි ඇගයීමක් සිදු කිරීම මඟින් කොපමණ ජල ප්‍රමාණයක් භාවිතා කරන්නේ ද යන්න හඳුනා ගත යුතු බවත්, අභ්‍යන්තර සහ මතුපිට භූගත ජලය මඟින් වර්ෂාවෙන් කොපමණ ප්‍රතිආරෝපණය කරන්නේ ද යන්න සහ එසේ නොවන්නේ නම් ප්‍රතිආරෝපණය කිරීමට කළ හැක්කේ කුමක් ද යන්න පිළිබඳව ද එමඟින් හඳුනාගත යුතු බවත් පැවසිය.

    එමෙන්ම, මූලික වැඩපිළිවෙල ලෙස මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ආයතන හෝ සමාගම් වගා කටයුතු සිදු කරන්නන් විශාල ලෙස නල ළිං පරිභෝජනය කරන අතර, ඔවුන් පරිභෝජනය කරන ජල ප්‍රමාණය හඳුනාගත හැකි වන සේ එම නල ලිං සඳහා ජල මීටර් සවි කිරීමටත් කටයුතු කරමින් පවතින අතර, ඊට අමතරව ජල සම්පත් මණ්ඩලයේ පනත ප්‍රතිසංස්කරණය කොට නියාමනය කිරීමට අවශ්‍ය ක්‍රමයක් හඳුන්වාදීමට ද පියවර ගන්නා බව ද, මළ අපද්‍රව්‍ය පිරිපහදු කිරීමේ කටයුතු නාගරික වශයෙන් ආරම්භ කිරීමට ද කටයුතු කරන බවත් ඊට ජනතා සහයෝගය ද අවශ්‍ය වන බවත් හෙතෙම කියා සිටියේය.

    මෙමඟින් මෙරට සාමාන්‍ය ජනයා නල ළිඳක් භාවිතා කිරීම සිමා කිරීම නොව සාමාන්‍ය ජනයාට ප්‍රමාණවත් ජලය පොළව තුළ තිබෙන බව තහවුරු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කිරීම මෙහි අරමුණ වන බවත් පැවසු ආචාර්ය ප්‍රියත් බන්දු මහතා මේ හේතුව නිසා සියලු නල ලිං ලියාපදිංචි කරමින් තිබෙන බවත්, ඒ අනුව මහා පරිමාණයෙන් පරිභෝජනය කරන අයවලුන්ගේ පරිභෝජනය මත පදනම්ව ගාස්තුවක් අය කොට, එම ගාස්තුව ජලය ප්‍රතිආරෝපණය කිරීමේ ව්‍යාපෘතියකට ආයෝජනය කිරීම සඳහා අරමුදලකට බැර වන සේ කටයුතු කරනු ඇති බවත් සඳහන් කර සිටියේය.

    අරපිරිමැස්මෙන් තොරව ජල පරිභෝජනය කිරීමෙන් ඉදිරි වසර 10 තුළ විශාල ජල අර්බුදයකට මුහුණ දීමට සිදුවන අතර විශාල ලෙස භූගත ජලයට එකතුවන විස රසායනික ද්‍රව්‍ය නිසා ජලය නාස්තිවිම ද බෙහෙවින් සිදු වන හෙයින්, වත්මන් රජයේ වගකීම සැමට පානීය ජලය ලබා දීම පමණක් නොව තවත් දීර්ඝ කාලයක් ආරක්ෂා කොට පවත්වාගැනීම ද අරමුණ වන බව ද මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya