මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්නත්කරණ ප්‍රමුඛතා ලයිස්තු කිසිසේත් දේශපාලන හිතවත්කම් මත ලබා දී නෑ- නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    සැප්තැම්බර් 08, 2021

    එන්නත්කරණ ප්‍රමුඛතා ලයිස්තු කිසිසේත් දේශපාලන හිතවත්කම් මත ලබා දී නොමැති බවත් ෆයිසර් එන්නත සුපිරි එන්නතක් නිසා හම්බන්තොටට එය ලබාදුන්නා නොවන බවත්, සෑම දිස්ත්‍රික්කයකටම ෆයිසර් එන්නත් ලබාදීමට සූදානම් කර ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේය.

    ඔහු මේ බව සදහන් කළේ ෆයිසර් එන්නත හම්බන්තොටට ලබාදීමත්, එය හමුදාව භාරයට පත්කිරීමත් ආදී වහයෙන් එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධව මේ දිනවල මාධ්‍යයෙහි සැරිසරන ඇතැම් පුවත් සම්බන්ධව රජයේ නිල පුවත් වෙබ් අඩවිය සිදුකළ විමසුමට ප්‍රතිචාර වශයෙනි.

    ෆයිසර් එන්නත විශේෂ එන්නතක් නොවන බවද එය විද්‍යානුකූලව වඩාත් හොදම එන්නත යැයි ප්‍රතයක්ෂ කර නැතැයිද, එය පිළිගැනීමක් පමණක් බවද, සියලුම එන්නත් එකහා සමානව කටයුතු කරන අතරම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන සෑම එන්නතක්ම එකහා සමාන බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

    80% ඉක්මවා එන්නත් කර තිබූ දිස්ත්‍රික්ක වල මෙම එන්නත ලබාදීමේදී කොළඹ සහ කලුතරට සාපේක්ෂව හම්බන්තොට ජනගහණය අඩු බැවින් ලැබුණු ෆයිසර් එන්නත් තොගය සාධාරණ ලෙස එම ප්‍රදේශයේ එන්නත්කරණයට ලබාදුන් බවද, එන්නත්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීමට තරුණ සේවා සභාව ඉදිරිපත් වූ බැවින් ඒ සදහා අවස්ථාව ලබාදුන් බවද ඔහු පැවසුවේය.

    ෆයිසර් එන්නත් හමුදාවට භාරදී නොමැති බවද, අධ්‍යාපනය හැදෑරීමට විදෙස්ගතවන්නන් සදහා එන්නත්කරණ ක්‍රියාවලිය හමුදාව හරහා ක්‍රියාත්මක බැවින් එම වැඩසටහනට අවශ්‍ය එන්නත් හමුදාවට ලබාදුන්නද දිගින් දිගටම ෆයිසර් එන්නත් හමුදාවට පමණක් ලබානොදෙන බවද, එන්නත් ලැබීම අනූව සෞඛ්‍ය අමාත්‍යංශය ගන්නා තීරණ මත අදාල ක්‍රමවේදයන් ඔස්සේ එන්නත් බෙදාහැරීම් සිදුකරන බවද ඔහු කියා සිටියේය.

    දිවයින පුරා එන්නත්කරණ ක්‍රියාවලිය සෑම දිස්ත්‍රික්කයකම මේ මොහොතේ ක්‍රියාත්මක වන බවත්, එන්නත් තොග ලැබෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යංශය එක් එක් දිස්ත්‍රික්ක වලට සාධාරණ වශයෙන් එන්නත් බෙදාහැරීම සිදුකරන බවද, එන්නත්කරණ වැඩසටහන තුළ දෛනිකව ලක්ෂ 05 ඉක්මවා එන්නත්කරණය සිදුකළ අවස්ථා පැවති බව සිහිපත් කරමින් විහේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේ එන්නත් ලැබෙන්නේ නම් දිනකට මිලියනයකට හෝ එන්නත් ලබාදිය හැකි බවයි.

    මහනුවර ස්පුට්නික් පළමු එන්නත ලබාදෙන අවස්ථාවේ අත්සන් ලබාගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය වල පළවන පුවත් සම්බන්ධව අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙලෙස කියා සිටියේය.

    ස්පුට්නික් දෙවන මාත්‍රාව පිළිබදව පැවති විද්වත් සංවාද වලදී දෙවන මාත්‍රාවක් අවශ්‍ය වන්නේද යන්න පිළිබදව සංවාදයට ලක්වුණා. එම අවස්ථාවේ රුසියාවේ පවා දෙවන මාත්‍රාවක් නිෂ්පාදනය කරනවාදැයි සැක මතු වුණා. එමනිසා දෙවන එන්නතක් නොලැබීමට හැකි යැයි යන කාරණය දැනුවත් කර පළමු එන්නත ලබාදුන්නා. එය දැනුවත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයකට අනූව එම කටයුතු සිදුකළා.

    ආණ්ඩුව විසින් එන්නත්කරණ ප්‍රමුඛතා ලයිස්තු සෞඛ්‍ය අංශ වලට ලබානොදී කිසිසේත් දේශපාලන හිතවත්කම් මත ලබා නොදුන් බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ දිනපතා රැස්වන ක්‍රියාන්විත කමිටුව සාකච්ඡා කර ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීම පමණක් සිදුවූ බවද, කිසිසේත්ම දේශපාලන හේතූන් මත එන්නත්කරණ ක්‍රියාවලිය වෙනස් නොකළ බවද ඔහු අවධාරණය කළේය.

    එමෙන්ම ක්‍රියා කළ යුතු ආකාරය පිළිබදව අවශ්‍ය කරන පාර්ශවයන් සමග සාකච්ඡා කර පොදුවේ සියලුදෙනාගේම එකගත්වයෙන් එන්නත්කරණ ප්‍රමුඛතා ලයිස්තු පිලිබදව තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya