මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඇමරිකානු රජයෙන් සෞඛ්‍ය උපකරණ පරිත්‍යාගයක්

    සැප්තැම්බර් 08, 2021

    කොවිඩ් රෝගීන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් ඇමරිකානු තානාපති කාර්යාලය හරහා ඇමරිකානු රජය සහ එම ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස ( (07) සවස සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කෙරිණි.

    වෛද්‍ය සැපයීම් අංශයේදී අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එම උපකරණ තොගය ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් භාර දෙනු ලැබීය. එම උපකරණ අතරට හදිසි ප්‍රතිකාර ඇඳන්,Portable oxygen concentrators, Heat Moisture Exchanger , ශල්‍ය මුව ආවරණ හා KN95 මුව ආවරණ තොගයක් සහ අත් වැසුම් ආදිය අයත් වේ. අදාළ උපකරණ තොගය දිවයින පුරා රෝහල් කරා බෙදා හැරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

    මේ අතර ලංකා රසකැවිලි හිමියන්ගේ සංගමයේ සාමාජික ආයතන කිහිපයක් එක්ව කොවිඩ් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලබන දරුවන්ට බෙදාදීම සඳහා විවිධ බිස්කට් වර්ග ඇතුළු රසකැවිලි තොගයක්ද අද (07) සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දෙනු ලැබීය. මෙම රසකැවිලි දිවයිනේ ප්‍රධාන ළමා රෝහල් හා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ප්‍රතිකාර ගන්නා ළමුන්ට බෙදා හැරීමට නියමිතය.

    තවද Lanka Global Lifestyle සමාගම මගින් වටිනා ඔක්සි මීටර් තොගයක්ද අද දින සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙනු ලැබීය. මෙම ඔක්සි මීටර් තොගය කොවිඩ් රෝගී ගෘහස්ථ ප්‍රතිකාර වැඩපිළිවෙල සඳහා යොදා ගැනීමට නියමිතය.

    මෙරට කොවිඩ් ව්‍යසනය ආරම්භයේ සිට මේ දක්වා සෞඛ්‍ය සේවාව සඳහා දෙස් විදෙස් පරිත්‍යාගයන් විශාල ප්‍රමාණයක් ලැබුණු බවත් මේ සියලු පරිත්‍යාග මෙරට කොවිඩ් රෝගය පාලනය වෙනුවෙන් මුළුමනින්ම යෙදවීමට ක්‍රියා කෙ‌රෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. මෙම අවස්ථාවන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුද සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya