මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් වන කිසිදු කටයුත්තකට වත්මන් රජය ඉඩ තබා නෑ- අධිකරණ අමාත්‍ය

    සැප්තැම්බර් 07, 2021

    ඇතැම් පුද්ගලයන් අධිකරණයට හානි කරන පදනම් විරහිත විවේචන, විවිධ සමාජ මාධ්‍ය ජාලා හරහා ගෙන යන බවත් ඇතැම් නඩු තීන්දු සම්බන්ධයෙන්ද,හුදු කටකතා පදනම් කර ගනිමින්,සැළසුම් සහගත ලෙස පදනම් විරහිත චෝදනා එල්ල කිරීමට උත්සාහ දරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද(07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

     

    අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් වන ආකාරයේ කිසිදු කටයුත්තකට වත්මන් රජය ඉඩ තබා නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

    අධිකරණ වින්ශ්චකාරවරුන් සඳහා පැවති සම්මන්ත්‍රණයක් සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී  මේ බව ප්‍රකාශ කළේ ය.

    වින්ශ්චකාරවරුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අය සම්බන්ධයෙන්ද මෙලෙස අසත්‍ය පුවත් පළකරන ඇතැම් සංවිධාන, මේ හරහා මහජනතාවට අධිකරණයේ ස්වාධීත්වය සම්බන්ධයෙන් ඇති විශ්වාසය පළුදු කිරීමට උත්සාහ දරණ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    විසිපස් වසරක වෘත්තීය සුදුසුකම් ඇති නීතික්ඥවරයෙකු වශයෙන් තමා කිසිවිටෙකත් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට ඉඩ නොතබන බව පැවසූ අමාත්‍යවරයාඅධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීමට තමා දැඩිව කැප වී සිටින බවද සඳහන් කළේය.

    කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවද අත්‍යාවශ්‍ය නඩු කටයුතු සඳහා අධිකරණ විවෘතව තබා ඇති බවත් රිමාන්ඩ් සිරකරුවන් අධිකරණ වෙත නොගෙන්වා වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු ඇසීමට අවස්ථාව සළසා ඇතැයිද කී අමාත්‍යවරයා , වීඩියෝ තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඒම කටයුතු සිදු කරගැනීමට අමතර ප්‍රතිපාදන ලබා දී ඇති බවත් සඳහන් කළේය

    වින්ශචකාරවරුන්ගේ වෘත්තීයභාවය උසස් කිරීම සම්බන්ධයෙන් විවිධ සම්මන්ත්‍රණ සහ වැඩමුළු පවත්වන බව පැවසූ අමාත්‍යවරයා , අධිකරණ කොමිෂන් සභාව මගින් පාලනය වන විනිශ්චකාරවරුන්ගේ ආයතනය මගින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර ඇති බවත් ඒ සඳහා ආණ්ඩුවේ කිසිදු මැදිහත් වීමක් නොමැති බවද අධිකරණ අමාත්‍යවරයා පැහැදිළි කළේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya