මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි සති හයේ දී වයස අවුරුදු 20ට වැඩි තරුණ තරුණියන්ට එන්නත ලබා දී අවසන් කිරීම ඉලක්කයි- රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

    සැප්තැම්බර් 07, 2021

    ඉදිරි සති 06ක කාලසීමාව තුළදී වයස අවුරුදු 20ට වැඩි තරුණ තරුණියන් සියලු දෙනාට එන්නත්කරණය නිමා කිරීම රජයේ ඉලක්කය බව ඖෂධ නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (07) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

     

    තරුණ තරුණියන්ට ලබා දෙන ඒන්නත් වර්ගය කුමක් වුවත් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමේ හැකියාව එම එන්නත්ට පවතින බව පර්යේෂණ මගින් තහවුරු වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ තරුණියන් සඳහා ඊයේ දින සිට ආරම්භ වූකොවිඩ් ‌මර්ධන එන්නත ලබා දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    කළාපීය රටවල් අතුරින් ෆයිසර් එන්නත ලැබීමේ ප්‍රමුඛතාවය ලැබුණේ ශ්‍රී ලංකාවට බවත් දැනට එම එන්නත් ලැබෙන්නේ සතියකට වරක් පමණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා එළඹෙන ඔක්තොම්බර් මාසයේ සිට එන්නත් මාත්‍රා මිලියන හතරක් පමණක් ප්‍රමාණයක් ලැබීමට නියමිත බවද පැවසීය.

     

    තවද, එළඹෙන ඉරිදා වන වන විට සියළුම ග්‍රාම නිලධාරී වසම් වල වයස අවුරුදු 30 වැඩි පිරිසගේ එන්නත්කරණය නිම කළ හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    චීනයේ සිට ලැබීමට නියමිතව තිබූ එන්නත් ප්‍රමාණය ලැබීම දින දෙකකින් පමණ ප්‍රමාද වූ බවත් මේ හේතුවෙන් ඇතැම් ග්‍රාම සේවා වසම් සඳහා එන්නත් ලැබීම ප්‍රමාද වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya