මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරි එළදෙනුන් 4200ක් ආනයනයට අනුමැතිය- 2024 වන විට දියර කිරි වලින් ස්වයංපෝෂිත රටක් බිහිකරනවා - කෘෂිකර්ම ඇමති

    සැප්තැම්බර් 07, 2021

    ශ්‍රී ලංකාවේ මහාපරිමාණ වාණිජ කිරි ගොවිපොළ පිහිටුවීමටත් ඒ යටතේ පෞද්ගලික සමාගම් 05කට කිරි එළදෙනුන් 4200ක් ආනයනය සදහා ඊයේ (06) කැබිනට් අනුමැතිය හිමිවූ බවද 2024 වන විට දියර කිරිවලින් ස්වයංපෝෂිත රටක් බිහිකිරීමට බලාපොරොත්තු වන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය..

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

    තවද රජයේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයටත්, පශු සම්පත් මණ්ඩලයටත් අයිති දැනට වගා නොකරන මුඩු ඉඩම් වශයෙන් පවතින අක්කර 2771ක් බිලියන 08ක ආයෝජනයක් සඳහා ඊයේ (06) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අමාත්‍යවරයා සිහිපත් කළේය.

    සතුන් 4200 රටට ආනයනය කර එය රටේ ජාතික කිරි නිෂ්පාදනයට දායක කරගැනීමට බලාපොරොත්තු වන බවද  වසරකට කිරි ලීටර් මිලියන 22ක් මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසුවේය.

    අපේ රටේ ජාතික කිරි අවශ්‍යතාවය ලීටර් මිලියන 722ක් බවද, අපි නිෂ්පාදනය කරනුයේ ඉන් කිරි ලීටර් මිලියන 422ක් බවද, එනම් 40%ක පුමාණයක් වන අතර 60%ක් කිරි පිටි මෙරටට ආනයනය සිදුකරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ඒ අනූව දිනකට ඇමරිකානු ඩොලර් මිලියන 01ක කිරිපිටි ආනයනය කරන බවත්, වසරකට කිරිපිටි ආනයනය සදහා ඇමරිකානු ඩොලර් මිලියන 365ක් වැයවන බවත් සඳහන් කළ කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ජනාධිපතිතුමා විසින් සෞභාග්‍යයේ දැක්මෙහි යැපුම් ආර්ථිකයෙන් මිදී නිෂ්පාදන ආර්ථිකයකට යා යුතු බව පැහැදිලිව සදහන්ව ඇතැයිද කෘෂිකර්ම අමාත්‍යංශය වශයෙන් එක් පැත්තකින් අප රටේ නිෂ්පාදනය කළ හැකි සියල්ල නිෂ්පාදනය කිරීමේ 2025 වැඩපිළිවෙල සිදුකරගෙන යන බවයි.

    එහි පියවරක් වශයෙන් අප දැනට ආනයනය කරන කිරි පිටි වෙනුවට මෙම රටේ කිරි නිෂ්පාදනය කිරීම සඳහා අදාළ පෞද්ගලික සමාගම් වලට අවස්ථාව ලබාදී ඇති බව ඔහු සිහිපත් කළේය.  දැනට ජනතා වතු සංවර්ධන මණ්ඩලයටත්, පශු සම්පත් අමාත්‍යංශයටත් අයිති භාවිතයට නොගන්නා මුඩු ඉඩම් හදුනාගනිමින් මෙලෙස ඉඩම් ලබාදීම සිදුකර ඇති බව ඔහු කියා සිටියේය.

    සතුන් 10,000ක් සිටින ගව ගාලකට එක දිනකට  ටොන් 45ක තණකොළ අවශ්‍ය බවද, මෙතෙක් කල් මෙරට කිරි නිෂ්පාදනය අඩු වීමට මූලික හේතුව වූයේ සතුන්ට අවශ්‍ය කෑම නොමැතිකම බැවින් සතුන් ආනයනය කරනවා සේම සතුන්ට අවශ්‍ය ආහාර ටික සකස් කරගැනීමට රජය විසින් මෙලෙස ඉඩම් ලබාදීම සිදුකළ බව අමාත්‍යවරයා පැහැදිළි කළේය.

    ලෝකයේ අනෙක් සියලුම රටවල් කිරිපිටි පානය නොකරන බවත්, ඔවුන් සියල්ලන්ම කිරිපිටි භාවිතයෙන් ඈත්වී ඒ වෙනුවට දියර කිරි පානයට හුරුවී ඇති බවද  පැවසූ කෘෂිකර්ම අමාතයවරයා , දියර කිරි   පෝෂ්‍යදායී ආහාරවේලක්  බව කීය.

    අප රටේ පමණක් තවමත් පිටිකිරි භාවිතය සිදුවන බවද ඒ නිසා රට දියර කිරි වලින් ස්වයංපෝෂිත කිරීම අරමුණ බවද  සදහන් කළේය. එහි පළමු අදියර වශයෙන් අමාත්‍යංශය භාරගෙන පළමු අවුරුද්දේම රජය කිසිදු ආයෝජනයක් සිදු නොකර පෞද්ගලික අංශයෙන් 100%ක් එනම් බිලියන 08ම, (මිලියන 8275ක් ) වියදම් කරන පරිදි වැඩසටහනට මුලපිරූ බව කියා සිටියේය.

     විදේශීය ආයෝජකයෙක් සහ දේශීය ආයෝජකයන් 04 දෙනෙකු සිටින බවද, මෙම සියලුදෙනාම එකතුවී සතුන් 4200 ආනයනය කර වසර 05ක් ඇතුළත සතුන් ප්‍රමාණය 25,000 දක්වා වැඩිකරගැනීමට අපේක්ෂිත බවද ඒ සදහා අනුමැතිය හිමිවුණු බවද අමාත්‍යවරයා  පැවසීය,

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya