මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිලන්රථ අළුත්වැඩියා කිරීමට කඩිනම් වැඩපිළිවෙලක්

    සැප්තැම්බර් 07, 2021

    ගිලන්රථ අළුත්වැඩියා කටයුතු කඩිනම් කිරීම සදහා ප්‍රවාහන අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක් සැකසේ.

    දැනට දිවයින පුරා පවතින කොවිඩ් වසංගත හේතුවෙන් රෝගීන් සහ මෘතදේහ ප්‍රවාහනය කිරීම සදහා ගිලන්රථවල අවශ්‍යතාව ඉතාමත් ඉහළ ගොස් ඇත.

    මේ වන විට එම කටයුතු සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ සුවසැරිය ව්‍යාපෘතියේ ගිලන්රථ භාවිතා කරනු ලබන අතර, දැනට විවිධ හේතුන් මත ධාවනයෙන් ඉවත් කොට තිබෙන ගිලන්රථ
    කඩිනමින් අලුත්වැඩියා කර ධාවනයට සුදුසු අයුරින් සකස්කොට සෞඛ්‍ය අමාතාශ්‍යාංශයට ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය ඉදිරිපත් වී ඇත. එහි ප්‍රථම පියවර ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ධාවනයෙන් ඉවත් කල ගිලන් රථ 10ක් අළුත්වැඩියා කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

    ඒ අනුව ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලක්දිව ඉංජිනියරින් (පුද්ගලික) සමාගම මෙම අබලන් වු ගිලන්රථ අළුත්වැඩියා කටයුතු සිදු කිරිමට කටයුතු කරනු ඇත. ඉංජිනේරුවන්,කාර්මිකයන් ඇතුළු සේවකයින් 130කින් යුතු පිරිසක් මෙම ආයතනය තුල සේවයේ නියුතු වන අතර අළුත්වැඩියා කටයුතු සදහා භාවිතා කරනු ලබන යන්ත්‍රෝපකරණ හා මෙවලම් ආයතනය සතුව ඇති බව ඒහි සභාපති කුෂාන් වෑගොඩපොල මහතා පැවසීය.

    මෙම කටයුතු ආරම්භ කිරිම සදහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරිම සදහා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රවාහන රාජ්‍ය ආමාත්‍ය දිලුම්
    අමුණුගම මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් (06) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදි පැවැත්වින.

    මෙම සාකච්ඡාවේදි ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ, ව්‍යාපෘතියේ අරමුණ වනුයේ කඩිනමින් ගිලන්රථ අළුත්වැඩියා කර දීමටත්, ලක්දිව ඉංජිනේරු ආයතනයට නව ආදායම් මාර්ග ලබා ගැනීමට අවස්ථාව උදා කර ගැනීමට බවත් ය.

    මෙම සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බර්නාඩ් වසන්ත, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෝෂිණි පීරිස්, ඒ.ඒල්. බස්නායක අධ්‍යක්ෂ (ප්‍රවාහන) සෞඛ්‍ය අමාත්‍යාංශය. ලක්දිව ඉංජිනේරු සමාගමේ සභාපති කුෂාන් වෑගොඩපොල යන මහත්ම, මහත්මීන් සහභාගී විය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya