මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රීරෝද රථ අලංකරණය සඳහා නව ගැසට් පත්‍රයක් - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය

    සැප්තැම්බර් 07, 2021

    ත්‍රීරෝද රථ අලංකරණය පිලිබදව ත්‍රිරෝද රථ හිමියන් විසින් වත්මන් රජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව (අංක 2240/37 දරණ 2021 අගොස්තු මස 14) දින නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව ජනතාවට අනතුරක් නොවන ලෙස සහ යම් නීති මාලාවකට යටත්ව ත්‍රීරෝද රථ අලංකරණය සදහා අවසර ලබාදීමට කටයුතු කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා (06) සිය අමාත්‍යංශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.


    අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලද ඉලිමට අනුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා පොලිස් රථවාහන අංශය හා එක්ව මේ පිළිබඳව කමිටුවක් පත් කොට අදාළ ත්‍රී රෝද රථ සංගම් සමඟ මෙම කරුණ දීර්ඝ ලෙස සාකච්ඡා කොට නීත්‍යනුකුල කටයුත්තක් බවට පත් කිරීමට හැකියාව ලැබුණු බව අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේය.

    රිය අනතුරකට භාජනය වීමේ අවදානමක් තිබෙන යම් යම් අලංකරණ අංගෝපාංග ත්‍රිරෝද රථ වලට එක් කළ නොහැකි සහ එක් කළ හැකි අලංකරණ උපාංග පිළිබඳවත් මේ මඟින් ඉදිරිපත් කොට තිබේ.
    ඒ අනුව, මෙම ගැසට් නිවේදනය පෞද්ගලික භාවිතා කරන සහ කුලී ත්‍රීරෝද රථ යන දෙපාර්ශ්වයටම පොදු වන අතර මෙය අනිසි ලෙස භාවිතා නොකරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
    ඉදිරියේ දී තවත් ඇතැම් වාහන අලංකරණ කටයුතු සම්බන්ධයෙන් ද ගැසට් පත්‍රයක් ඉදරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මෙහි දී අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya