මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා කථානායක හමුවෙයි

    අගෝස්තු 28, 2021

    ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා (26) දින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

    කථානායක නිල නිවසේදී පැවති මෙම හමුවේදී චීන තානාපතිවරයා පවසා සිටියේ වත්මන් කොවිඩ් තත්ත්වය පාලනය සදහා දෙරටම උපරිම කැපවීමකින් කටයුතු කරන මොහොතක මෙරට කොවිඩ් පාලනය සදහා චීන රජය නිරතුරුව සිය සහයෝගය ශ්‍රී ලංකානු රජයට ලබා දෙන බවයි.


    එසේම දෙරට අතර ආර්ථික සහ මූල්‍ය සහයෝගීතාව මෙන්ම අන්තර් පාර්ලිමේන්තු සබදතා ශක්තිමත් කිරීම පිළිබදවද මෙහිදී සාකච්ඡා විය. ශ්‍රී ලංකාවේ දිගු කාලීන මිතුරෙකු ලෙස චීන රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබදව ද කථානායකවරයා සිය කෘතවේදීත්වය චීන රජය වෙත මෙහිදී පළ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya