මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොළොන්නරුව හා අම්පාර දිස්ත්‍රික්කවල අතරමැදි වී තොග ගබඩා වටලයි

    අගෝස්තු 27, 2021

    පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබූ අතරමැදි වී තොග ගබඩා රැසක් පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් වැටලීමෙන් අනතුරුව රාජසන්තක කිරීමට පියවර ගෙන තිබේ.

    පසුගිය දා නිකුත් කරන ලද රජයේ අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින්, සහල් මෝල් හිමියන් සහ ගොවීන් හැරුණු කොට අතරමැදි පාර්ශ්වයන් විසින් වී තොග රැස්කිරීම තහනම් කිරීමත් සමඟ පාරිභෝගික සේවා අධිකාරි විසින් මෙම වැටලීම් සිදු කරන ලදී.

    පොළොන්නරුව හා අම්පාර දිස්ත්‍රික්ක වල පවත්වාගෙන යනු ලැබූ මෙම අතරමැදි වී තොග ගබඩා සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වූ පරිදි, රජය විසින් බලාත්මක කරන ලද නීතිය ඉක්මවා යමින් ගොවීන් හෝ සහල් මෝල් හිමියන් නොවන අතරමැදි පාර්ශ්වයන් විසින් මෙම වී තොග පවත්වාගෙන යාම හේතුවෙන් මෙම සියළුම වී තොග රාජසන්තක කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය විසින් කටයුතු සිදු කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya