මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවේ ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය (NFAI) හොඳම ශ්‍රී ලාංකික චිත්‍රපට සංරක්ෂණය කිරීමට සැරසෙයි

    මාර්තු 30, 2021

    පූනේහි පිහිටි ඉන්දියානු ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය (NFAI) ඔවුන්ගේ සංරක්ෂිත පහසුකම තුළ ශ්‍රී ලාංකික චිත්‍රපට සුරැකීමට සූදානම්ව සිටී. චිත‍්‍රපට සංරක්‍ෂණ හා ප‍්‍රතිෂ්ඨාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති විය හැකි සහයෝගීතාව පිළිබඳව 2020 දෙසැම්බර් මාසයේ දී මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් චමරි රොද්‍රිගෝ මහත්මිය සහ ඉන්දියානු ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරයේ ප‍්‍රධානී ප‍්‍රකාශ් මැග්ඩම් මහතා අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව, ශ්‍රී ලාංකික චිත්‍රපට 20-30 ක පමණ සංඛ්‍යාවක් සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියානු ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

     

    ඉන්දියානු සිනමා උරුමය සුරැකීම සඳහා අනිවාර්ය කර ඇති ඉන්දියාවේ ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය ලෝක සිනමාව ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. ඉන්දියානු ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරයේ විවිධ ප්‍රමාණයේ ගබඩා කුටි 27 ක් සහ මුළු ප්‍රතිෂ්ඨාපන ධාරිතාව රීල් 200,000 ක් වන අතර, එහි වර්ණ සහ කළු සුදු චිත්‍රපට සඳහා වෙනවෙනම පහසුකම් පවතී. සෙලියුලොයිඩ් සහ ඩිජිටල් යන දෙවර්ගයේම චිත්‍රපට සඳහා පහසුකම් සපයන නව පහසුකමක් ඉදිකිරීම සඳහා ඉන්දියානු ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය මේ වන විට කටයුතු කරමින් සිටින අතර, එය මාස 18 ක් තුළ දී නිම කෙරෙනු ඇත.

    චිත්‍රපට ප්‍රතිෂ්ඨාපනයේ ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින්, වසර 2 ක කාලයක් තුළ දී චිත්‍රපට 5000 ක් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ඉන්දියානු ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය විසින් සිදු කරනු ලැබේ. මෙම ආයතනයේ භාවිත වන නවීන තාක්‍ෂණය සහ එහි සිටින ඉහළ නිපුණතා සහිත ප්‍රතිෂ්ඨාපන කලාකරුවන් සැලකිල්ලට ගනිමින්, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලාංකික චිත්‍රපට ඩිජිටල්කරණය කිරීම සහ ශ්‍රී ලාංකික චිත්‍රපට නිෂ්පාදකයින්ට ඩිජිටල්කරණය පිළිබඳ තාක්ෂණික පුහුණුව ලබා දීම සඳහා ඔවුන්ගේ සහාය ලබා දෙන ලෙස ද කොන්සල් ජනරාල්වරිය ඉල්ලා සිටියාය.

    ලොව හොඳම සංරක්ෂණ පහසුකම්වලින් එකක් වන ඉන්දියානු ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය සමඟ එළඹුණු මෙම සහයෝගිතාවය තුළින් ශ්‍රී ලංකා සිනමාවට ඉමහත් ප්‍රතිලාභ අත්කර දෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya