මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යංශ රජයේ ගොඩනැගිලිවලට ගෙන යාම සඳහා නව කාර්යාල සංකීර්ණයක්

    මාර්තු 25, 2021

    පෞද්ගලික ගොඩනැගිලි වල පවත්වාගෙන යන අමාත්‍යංශ රජයේ ගොඩනැගිලි වලට ගෙන යාම සඳහා නව කාර්යාල සංකීර්ණයක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදි කෙරෙමින් පවතින බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(25) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

    ඇතැම් රාජ්‍ය අංශ වලට වෙනම අමාත්‍යාංශ නොමැති බව පැහැදිළි කල අමාත්‍යවරයා නව රාජ්‍ය අමාත්‍යංශ ගොඩ නැගූ විට ඒවාට කාර්යාල අවශ්‍ය බව පෙන්වා දුන්නේය. පසුගිය රජය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශය සඳහා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ තට්ටු කිහිපයක්ම භාවිතයට ගත්තද මෙම රජය එසේ නොකළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    දීර්ගකාලීනව බද්දට ගෙන පෞද්ගලික ගොඩනැගිලි වල පවත්වාගෙන යන රජයේ අමාත්‍යංශ සම්බන්ධයෙන් විපක්ෂය යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.දැනට ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල් තුල සංචාරක අමාත්‍යංශයේ අමාත්‍යවරයාගේ කාර්යාලය, බතික් අත් යන්ත්‍ර දේශීය ඇගලුම් රාජ්‍ය අමාත්‍යංශය, ග්‍රාමීය සහ පාසල් ක්‍රීඩා සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය , ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන අමාත්‍යංශ , වේවැල් පිත්තල මැටි ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යන අමාත්‍යංශ පවත්වාගෙන යයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya