මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප්‍රේල් 16 දා නැකතට පැළයක් රෝපණය කිරීමේ වැඩසටහන සාර්ථක කර ගැනීමට සියලු ලක්වැසි ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරනවා

    මාර්තු 25, 2021

     අප්‍රේල් 16 දා නැකතට පැළයක් රෝපණය කිරීමේ වැඩ සටහන සාර්ථක කර ගැනීමට සියලු ලක්වැසි ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරනවා''යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.

    පරිසර අමාත්‍යාංශය විසින් “හුස්ම දෙන තුරු” නමින් ජාතික රුක්රෝපණ වැඩ සටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ පරිසර අමාත්‍යාංශය විසින් මාස 04ක කාලයක් තුළ පැළ ලක්ෂයක් රෝපණය කිරීමට හැකි වුනා. ඉදිරි වසර 04ක කාලය තුළ පැළ ලක්ෂ 20ක් රට පුරා රෝපණය කිරීම අපේ ඉළක්කයයි. සිංහල හා දෙමළ හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් අපි අප්‍රේල් 16 දින නැකතට පැළයක් නමින් තවත් රුක් රෝපණ වැඩ සටහනක් අරඹනවා.

    අප්‍රේල් 16 දින පෙරවරු 6.40ට ඉතාමත් වටිනා රුක්රෝපණ නැකතක් උදාවෙනවා. අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට මෙම නැකත ඇතුළත් කර තිබෙනවා. එම නැකතට දිවයින පුරා පිහිටි හැම ගෙවත්තකම අඩු තරමින් එක් පැළයක් හෝ එම නැකතට රෝපණය කිරීමට අපි තීරණය කළා. දැනට අපේ රටේ ගෙවතු සහිත නිවාස ලක්ෂ 53ක් පමණ තිබෙනවා. එමනිසා අඩුම තරමින් ගෙවතු ලක්ෂ 30ක වත් පැළයක් බැගින් හෝ රෝපණය කරයි කියා අපි විශ්වාස කරනවා.

    පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ ඊයේ පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. පරිසර අමාත්‍යාංශය විසින් පසුගිය පෙබරවාරි මස 08 දින නැකතට පැළයක් සඳහා රෝපණය කළ බීජ දළු ලා වැඩෙමින් තිබෙන ආකාරය අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රදර්ශනය කළේය.

    එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

    අප්‍රේල් 16 දින නැකතට පැළයක් වැඩ පිළීවෙළ සඳහා මේ වනවිට ආයතන රැසක් සහයෝගය පළ කර තිබෙනවා. ශ්‍රී ලාංකිකයෝ කියන්නේ ගහකොළ, සතා සිව්පාවුන් , ගංගා ඇළදොළ, වැව් පොකුණු සමග ජීවත් වු පිරිසක්. එමනිසා මෙම නැකතට පැළයක් වැඩ සටහනේ දී අපේ රටේ හැම කෙනෙක්ම තම ගෙවත්තේ කුමන හෝ පැළයක් සිටුවීමට කටයුතු කළහොත් ඒක සමහර විට ලෝක වාර්තාවක් දක්වා වුනත් යන්න පුලුවන්.

    සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනවල මෙම නැකත් දවස උදා වුනත්, සිංහල හා හින්දු ජනතාව පමණක් නොව සියලුම මුස්ලිම් හා බර්ගර් ආදි අපේ රටේ සියලුම ජනතාවට මෙම අවස්ථාවට එක්වෙන ලෙස මම ආරාධනය කරනවා.

    අපේ අරමුණ ලෝක වාර්තා පිහිටුවීම නොවෙයි. නමුත් අපේ රටේ රුක්ගහණය වැඩි කිරීම මගින් අනාගත පරපුරට නිදහසේ හුස්ම ගන්න පුළුවන් පරිසරයක් රයට තුළ ස්ථාපනය කිරීම මගේ අරමුණයි.

    මුළු රටම එකම දවසක, එකම වේලාවක පැළ රෝපණය කළ අවස්ථාවක් මින් පෙර වාර්තා වී නැහැ. එමනිසා අප්‍රේල් 16 දින නැකතට පැළයක් වැඩ සටහන සාර්ථක කර ගැනීමට හැම දෙනාම කටයුතු කරන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya