මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බියගම පෙර පාසල් සඳහා හෙළඔසු ලබා දීමේ වැඩපිළිවෙලක්

    මාර්තු 25, 2021

    කොවිඩ් 19 වෛරස තත්වයෙන් පෙර පාසල් ළමුන්, ගුරු භවතුන් හා දෙමව්පියන් ඇතුළු ජනතාව මුදවාලීමේ අරමුණින් බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන 65 ක් සඳහා සුවධරණී ප්‍රතිශක්ති වර්ධක පානය ඇතුළු හෙළඔසු ලබා දීමේ වැඩසටහනක් දේශිය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුඳුවත්ත, ගෝනවල පුබුදු පෙර පාසලේදී ඊයේ (24) දින සිදු කෙරිණ.

    එම අවස්ථාවට බියගම ප්‍රාදේශීය ලේකම් චන්දිමා සූරියආරච්චි, මුල් ළමා විය සංවර්ධන නිලධාරී යසන්ති සමරකෝන්, මහවිල වෙද ගෙදර වෛද්‍ය සෙනරත් ජයසූරිය බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya