මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම්ට නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සුබ පැතුම් පිරිනමයි

    මාර්තු 05, 2021

    කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම් ලෙස පත්වු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා හට පසුගිය (02) දා පැවැති නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ දි සුබ පැතුම් එක් කිරීම සිදුවිය.

    පසුගිය (01) දා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින් කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම් ලෙස පත්වීම් ලිපිය භාර ගත් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා විසින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස රජකාරි සිදුකරන අවසන් නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට සහභාගි වු අවස්ථාවේ දි මෙම සුබ පැතුම් එක්කරන ලදි.

     

    දිස්ත්‍රික් ලේකම් වරයා ලෙස එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා විසින් දිස්ත්‍රික්කයේ ජනතාව වෙත සිදුකළ සේවාව අගයමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති මෙම රැස්විම ආරම්භයෙදි එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා සහ පර්ලිමේන්තු මන්ත්‍රි එස්.බි. දිසානායන යන මහත්වරුන් සුබ පැතුම් එක්කල අතර ඉන් අනතුරුව පක්ෂ විපක්ෂ පර්ලිමේනතු මන්ත්‍රිවරුන් සහ නිලධාරින් සුබ පැතුම් එක්කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya