මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීමට ඒකාබද්ධ වැඩපිළිවෙළක්

    මාර්තු 04, 2021

    කොළඹ නගරයේ වායු දූෂණය වළක්වා ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීමට පරිසර අමාත්‍යාංශය හා කොළඹ මහ නගර සභාවෙන් ඒකාබද්ධ වැඩ පිළිවෙළක් 

    කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී තිබේ.

    එසේ වුවද එම ගැටළුව තවමත් මිනිසුන්ට ගැටළුවක් වශයෙන් නොදැනෙන්නේ කොළඹ නගරය මුහුදට සමීපව පිහිටීම නිසා සාගරයේ ප්ලවාංග මගින් නිකුත් කරන ඔක්සිජන් ගොඩබිමට ඉක්මනින් ලගා වීම නිසා කොළඹ මහනගර සභාවේ නිලධාරිහු පවසති.


    එහෙත් ඉදිරි කාලය තුළ කොළඹ නගරයේ වාසය කරන ජනතාවට ඔක්සිජන් හිඟවීමේ ගැටළුවට පවා මුහුණ දීමට සිදුවන බව (03) දින පරිසර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අනාවරණය විය. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා කොළඹ නගාරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු හෙළීදරව් කරනු ලැබීය.

    කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීම සඳහා කොළඹ නගරයට ගැළපෙන රුක් රෝපණය කිරීමේ අරමුණින් කොළඹ මහ නගර සභාව විසින් ආරම්භ කර තිබෙන කොළඹට ගසක් ඉතුරු කර ගනිමු වැඩ පිළීවෙළ හා පරිසර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර තිබෙන හුස්ම දෙන තුරු රුක් රෝපණ වැඩ සටහන ඒකාබද්ධව කොළඹ නගරයේ ඉඩකඩ පවතින සෑම ස්ථානයකම රුක් රෝපණය කිරීමේ වැඩ පිළීවෙළක් ආරම්භ කිරීමට තීරණය කරනු ලැබීය.

    මෙහිදී කොළඹ නගරාධීපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් කොළඹ මහ නගර සභාව සකස් කර තිබෙන කොළඹට ගසක් ඉතුරු කර ගනිමු වැඩ පිළීවෙළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට හා ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට බාර දෙනු ලැබුවාය.

    එමෙන්ම කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතා මැනීමේ වැඩ සටහනක් ආරම්භ කරන බවත්, එමෙන්ම කොළඹ නගර සභා බල ප්‍ර දේශය තුළ පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය විශේෂඥ හා තාක්ෂණික සහය ලබා දෙන ලෙස නාගරාධිපතිනි රෝසි සේනානනායක මහත්මිය ඉල්ලීමක් කළාය.

    මෙහිදී අදහස් පළ කළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ නගරය තුළ පවතින ශබ්ද දූෂණය, වායු දුෂණය ඇතුලු සමස්ත පරිසර දූෂණය වැළැක්වීම සඳහා පරිසර අමාත්‍යාංශය වශයෙන් දිය හැකි සියලු සහයෝගය ලබා දෙන බව පැවැසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya