මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බතික්,අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි නියුතුවූවන්ට සහනදායී පොළී අනුපාත යටතේ ණය ලබා දීමට වැඩපිළිවෙලක්  

    මාර්තු 04, 2021

    බතික්,අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි නියුතුවූවන්ට සහනදායී පොළී අනුපාත යටතේ ණය ලබා දීමට විශේෂ සාකච්ඡාවක් පසුගිය (02) දා අමාත්‍යාංශයේ දි පැවැත්විණි

    ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ බතික් කළාවට,දේශීය අත්යන්ත්‍ර කළාවට,පේෂකර්මාන්තයට වගේම දේශීය ඇගළුම් ක්ෂේත්‍රයටම තිබුණේ ඉතාමත් සුවිශේෂී ස්ථානයකි.එකළ මෙම ක්ෂේත්‍රයන් කෙරෙහි උණන්දුවක් දැක්වූ විශාල පිරිසක් සිටීම නිසාවෙන් මේවා ගමින් ගමට ව්‍යාප්ත වෙමින් විශාල පිබිදීමකට ලක් විය.

    මෙහිදි අදහස් දැක් වු අමාත්‍යවරයා සදහන් කළේ, 


    නමුත් 21 වන සියවසේ වර්තමාන සමාජ සංස්කෘතියත් සමග වියැකී යන්නට තිබුණා වූ මෙම අපගේ දේශීය ඇගළුම් ක්ෂේත්‍රය අප විසින්ම නැවත ජනතාව අතරට ගෙන දේශීයත්වයට අපේකමට බතික් හා අත්යන්ත්‍ර කළාවට නව ජීවයක් දිය යුතුය.


    වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව දේශීයව ස්වයං ව්‍යාපාර ඇතිකර ගම තුලම ස්වයං රැකියා උත්පාදනය කරන වැඩපිළිවෙළට මා නිරන්තරයෙන් කටයුතු කරන බවයි.

    ඒ සදහා විශාල වැඩපිළිවෙළයන් රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතක මෙම බතික්,අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන ක්ෂේත්‍රයන්හි නියැළී සිටින ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර දියුණු කර ගැනීමට වගේම ව්‍යාපාර තුලින් ලබන ආදායම ඉහළ නංවාගැනීමට අප අමාත්‍යාංශයේ මැදිහත්වීම මත සහනදායී පොළී අනුපාතික යටතේ ණය මුදලක් ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    අමාත්‍ය ලේකම්වරිය හා අතිරේක ලේකම්වරිය මෙන් ම මෙම අවස්ථාවට ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු ආයතන වන ලංකා බැංකුව,මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya