මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා නව නිපැයුම්කරුවන් හට දොරගුළු විවර‍ වේ 

    ජනවාරි 20, 2021

    අනාගත ශ්‍රී ලංකාවට මුහුණපාන්නට වන ප්‍රධාන අභියෝග අතරින් තීරණාත්මක සංසිද්ධිය වන්නේ බලශක්තියයි. මෙරට සංවර්ධන ක්‍රියාවලියේදි දැනටමත් ක්‍රියාත්මක අති දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි විදුලිය සැපයීම අභියෝගයට ලක්ව තිබේ.

    මෙම බලශක්ති උත්පාදනය හා කළමනාකරණයේදී මුහුණදීමට සිදුවන ගැටලු සඳහා ප්‍රායෝගික විසඳුමක් වන්නේ කෙටිකාලීනව ක්‍රියාකළ හැකි පාරිසරික හානිය අවම වන බලශක්ති උත්පාදන ක්‍රමවේදයකි.

    නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්‍යේෂණ හා නව නිපැයුම් අමත්‍යංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමඟ එක්ව
    පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා නව නිපැයුම්කරුවන් හට දොරගුළු විවර කර තිබේ. ඒ අනුව පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා නව අදහස් , නව නිර්මාණයන් සතු
    නවෝත්පාදකයින් වේනම් නව නිර්මාණ දැනටමත් ඔබ සතුනම් හෝ නව නිර්මාණ නිපදවීමට ඔබ උනන්දුනම් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සමඟ එක්ව එය යථාර්ථයක් කරගත
    හැකි වේ.

    වැඩි විස්තර - 011 2 676 650 , This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Whats APP - 070 2352 685

    ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට හා හරිත ආර්ථිකයක් උදෙසා පුනර්ජනනීය බලශක්ති උත්පාදනයට දායක වීම හරහා නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්‍යේෂණ හා නව නිපැයුම්
    අමාත්‍යංශය තුළින් රටෙහි අනාගතය උදෙසා නවෝත්පාදිත තාක්ෂණයේ නව නියමුවන් රටට දායද කළ හැකිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya