මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මල්වතු ඔය හරහා නව පාලමක් ඉදි කෙරේ

    ජනවාරි 21, 2021

    තිරප්පනය, ඇතුන්ගම ගම්මානයේ, මල්වතුඔය එගොඩයායේ වගා බිම් වල අස්වනු නගරයට ගෙන ඒමට මෙන්ම ගම්වාසීන්ගේ ගමන් පහසුව වෙනුවෙන් මල්වතු ඔය හරහා නව පාලමක් ඉදි කෙරේ.

    මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ යෝජනාවකට අනුව රුපියල් කෝටි එක හමාරකට ආසන්න මුදලකින් මෙම නව පාලම ඉදි කෙරේ. ඊයේ (18) පස්වරුවේ පාලමේ ඉදි කිරීම් කටයුතු රාජ්‍යය අමාත්‍යයතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය.

    තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇතුන්ගම, 552 තුළානේ මල්වතු ඔය එගොඩයායේ අක්කර 113 ක් පමණ වී මෙන්ම ගොඩ භෝග වගා කිරීම සිදු කරනු ලබන අතර, දීර්ඝ කාළයක සිට තම වගාවේ අස්වනු ගෙන ඒමට මල්වතු ඔය හරහා වාහනයක් වගා බිම් වෙත රැගෙන යාමට නොහැකිවීමෙන් ගොවීන් මහත් අපහසුතාවකට පත්ව සිට ඇත.

    1990 සිට එගොඩ ව්‍යාපෘතිය ආරම්භයේ සිට වගා කටයුතු සඳහා පොහොර, තෙල් වර්ග මෙන්ම අස්වනු රැගෙන අවුරුදු 30 කට ආසන්න කාළයක්ම මල්වතු ඔය හරහා ගමන් කිරීමට ගම්වාසීන් වැල් පාලමක් උපයෝගී කර ගෙන තිබිණි.
    එම වැල් පාලම හරහා අස්වනු කර මතින් ගොවීන් ගෙන ගොස් ඇත.මේ සම්බන්ධයෙන් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අවධානය යොමු කර ඇතුන්ගම ගම්මානයේ මල්වතුඔය ඒගොඩයාය වෙත ගමන් කිරීම සඳහා මල්වතුඔය හරහා නව පාලමක් ඉදි කිරීමට යෝජනා කර ඇත.ඒ අනුව පාලමේ ඉදි කිරීම් කටයුතු ආරම්භ වී මේ වන විට අවසන් අදියර දක්වා පැමිණ ඇති අතර, නොබෝ දිනකින් පාලම ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

    නව පාලම ඉදි කිරීමත් සමඟින් තම ගොවි බිම් වෙතම කෘෂි යන්ත්‍ර උපකරණ රැගෙන යාමට මෙන්ම, තම වගාවේ අස්වනු පහසුවෙන් ප්‍රවානය කර ගැනීමට එම ගම්වාසීන්ට හැකි වනු ඇත.
    මෙම නිරීක්ෂණ කටයුතු සඳහා මිහින්තලය ආසන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ, තිරප්පනය ප්‍රාදේශීය සභාවේ සභාපති රෝෂාන් ඉලංගසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් හා ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya