අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයන් වෙළෙඳ අමාත්‍යවරයා හමුවෙයි

    නොවැම්බර් 26, 2020

    සනීපාරක්ෂක තුවා සඳහා පවතින මිළෙහි ස්ථාවරත්වය සනාථ කරමින් දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයන් වෙළෙඳ අමාත්‍යවරයා හමුවෙයි.

    වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනය පරිදි ඊයේ(25) පැවති සාකච්ඡාව සඳහා දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයන් සහභාගී විය.

    ඒ අනුව මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී සිටි නිෂ්පාදකයන්ගෙන් අමාත්‍යවරයා සිදු කරන ලද විමසීමකදී එම නිෂ්පාදකයන් විසින් පැවසූයේ පසුගිය රජය විසින් පනවන ලද 30% ක සනීපාරක්ෂක තුවා සඳහා වන බදු ප්‍රමාණය මෙවර අයවැය මඟින් 15%කින් අඩු කරන ලද අතර ඉතිරි ප්‍රමාණය 15%ක සෙස් බද්දක් ලෙස පැවතීම තුළ ඔවුන් විසින් වෙළෙඳපොලට නිකුත් කරන සනීපාරක්ෂක තුවා වල පවත්නා මිළ ගණන් ඒ ආකාරයෙන්ම ස්ථාවරව පවතින බවයි.


    එමෙන්ම 2018 වසරේදී පනවා තිබූ සනීපාරක්ෂක තුවා කිලෝග්‍රෑමයක් සඳහා රු.300/= ක ආනයන බද්ද නැවත පනවන මෙන් නිෂ්පාදකයන් විසින් සිදු කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉල්ලුමට සරිලන සැපයුම 100%ක්ම සිදු කිරීමට මෙම දේශීය නිෂ්පාදකයින්ට ඇති හැකියාව තුළ සනීපාරක්ෂක තුවා ආනයනය සඳහා කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.

    ඒ අනුව නිෂ්පාදකයන්ගේ ඒකමතික අදහස ලෙස මෙම සෙස් බද්ද හරහා කිසිසේත්ම නිෂ්පාදනයන්ගේ පවත්නා මිළෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව සාකච්ඡාවේ දී පැහැදිලි විය.
    මෙම අවස්ථාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රාණී ජයවර්ධන මහත්මිය, අතිරේක ලේකම් ගිල්මා දහනායක මහත්මිය සහ දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයන් හා සන්නාම කළමනාකරුවන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya