මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා ගමනාගමන මණ්ඩලයේ අබලන් වූ බස් රථ 400 ක් ප්‍රතිසංස්කරණය කොට ලබන ජනවාරි පළවැනිදා සිට ධාවනයට පියවර - අමාත්‍ය ගාමිණී ලොකුගේ

    නොවැම්බර් 25, 2020

    ලංකා ගමනාගමන මණ්ඩලයේ දැනට පවතින අබලන් වූ බස්රථ 400 ක් ප්‍රතිසංස්කරණය කොට ලබන ජනවාරි පළමුවැනි දින ධාවන බල ඇණියට එක්කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන චමින්ද විජේසිරි මහතා විසින් කරන ලද දේශීය ඉංජිනේරුවන් විසින්, දේශීය අමුද්‍රව්‍ය යොදා ගෙන රට තුළ සියල්ල කර ගැනීමට අවශ්‍ය ලෙස අමාත්‍යංශ වෙන් කර තිබුණ ද, මෙරට තුළ ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොමැති බවත් පවසමින් ඒ සඳහා ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගෙන ඇති ක්‍රියාකාරී වැඩපිළිවෙල කුමක් ද යන්න පිළිබඳව ප්‍රශ්න කළ අවස්ථාවේ දී පිළිතුරු වශයෙන් ලබා දෙමිනි.

    එමෙන්ම, ලංගම බස්රථ රැගෙන එම හරහා කල්බදු ක්‍රමයට වාරික ගෙවීම සම්බන්ධයෙන් හේෂා විතාරණ මන්ත්‍රීවරයා කළ පැනයට පිළිතුරු වශයෙන් මොහොත වන විටත් කල්බදු ගෙවීම සම්පුර්ණයෙන්ම අවසාන බවත් ප්‍රවාහන අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya