මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇහැළියගොඩ ආසනයේ හේවායින්න සහ බෙලිගස්හංදිය මාර්ග කපට් යොදා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ

    නොවැම්බර් 25, 2020

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ නව රජයේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව දිවයින පුරා ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු මේ වන විටත් ඉතා සාර්ථකව සිදුවෙමින් පවතී.

    ඒ අනුව ග්‍රාමීය ජනතාවගේ දහසක් බලාපොරොත්තු මල්ඵලගන්වමින් ජනපතිතුමාගේ පදවි ප්‍රාප්තියට වසරක් පිරීම සනිටුහන් කරමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ දේශපාලන නායකත්වය යටතේ සබරගමුව පළාතේ ඇහැළියගොඩ ආසනයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ද මේ වන විටත් පියවර ගෙන ඇත. සබරගමුව පළාතේ හේවායින්න නාගහවත්ත මාර්ගයේ සහ බෙලිගස්හංදිය - පලීගල මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරිනි.

    හේවාහින්න නාගහවත්ත මාර්ගය කිලෝමීටර් 2.5 ක් කාපට් කිරීමේ ව්‍යාපෘතිය (රු:77,996,352.00 හත්කෝටි අනූනව ලක්ෂ තුන්සිය පනස් දෙකක්) හීනැටිදෙනිය හංදියේ දී ආරම්භ වූ අතර, බෙලිගස්හංදිය - පලීගල මාර්ගය කිලෝමීටර් 1.1 ක් කාපට් කිරීමේ ව්‍යාපෘතිය (රු:34,423,639.60 තුන්කෝටි හතලිස්දෙලක්ෂ තිස් හයදාස් තිස්නවය) බෙලිගස් හංදියේ දී ආරම්භ විය.

    මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන ලද්දේ සබරගමු පළාත් සභා සභාපති කංචන ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වන අතර, ඒ මහතා සංවර්ධන කටයුතු ආරම්භ කරමින් ප්‍රකාශ කරන ලද්දේ රට විනාශ කළ බලවේග පරදා ජනතාවාදී රජයක් බිහිව ඇති බවත්, සබරගමුව පළාතේ අනෙකුත් ග්‍රාමීය මාර්ග රාශ්‍රියක් ද සංවර්ධනය සදහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සුදානම් කොට ඇති බවයි. එමෙන්ම සෞඛ්‍ය අධ්‍යාපන ඇතුලු අනෙකුත් සියළු අංශ සංවර්ධනය සදහා ද රජය කටයුතු සිදු කරන බව ද පැවැසීය.

    මෙම අවස්ථාවට සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා, හේවාහින්න/බටහිර කලටුවාව පොදුජන පෙරමුණ ප්‍රාදේශීය මන්ත්‍රී ආරියවංශ පල්ලේවල මහතා, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නමින් ද අනුරප්‍රිය මහතා, ප්‍රාදේශීය සභා සහ පළාත් සභා මන්ත්‍රීවරු ඇතුලු ප්‍රදේශවාසීන් එක්ව සිටියහ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya