මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස (සා/පෙ.) 2020 විභාගය සඳහා ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගේ 11 ශ්‍රේණියේ විෂය ඒකක ආවරණය වීම පිළිබඳ තොරතුරු විමසයි

    නොවැම්බර් 25, 2020

    අ.පො.ස (සා/පෙ.) 2020 විභාගය සඳහා ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගේ 11 ශ්‍රේණියේ විෂය ඒකක ආවරණය වීම පිළිබඳ තොරතුරු විමසීම.

    වර්තමානයේ පවතින පවතින COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ 2020 වර්ෂයේ පාසල් පැවැත්වීම විධිමත් පරිදි සිදු නොවීම හේතුවෙන් පන්ති කාමර අධ්‍යාපන කටයුතු අඩපණ වීම සිදු වුව ද පළාත්, කලාප සහ පාසල් මට්ටමින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සහ විවිධ විද්‍යුත් හා මුද්‍රිත ක්‍රමවේද භාවිතයෙන් ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාමට කටයුතු කර ඇත.

    02. ඒ අනුව පාසල්වල පවතින පහසුකම් මත 2020 වර්ෂයේ 11 ශ්‍රේණියේ සියලු ම විෂයයන්ට අදාළ සියලු විෂය ඒකක ආවරණය කිරීමට හැකියාව ලැබුණේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම සඳහා 11 ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතුවල නිරත ගුරුභවතුන්ගෙන් තොරතුරු ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සැලසුම් කර ඇත.

    03. මෙම තොරතුරු මාර්ගගත ව ලබා ගැනීමට කටයුතු කරන බැවින් පහත උපදෙස් අනුගමනය කරමින් තොරතුරු ඇතුළත් කරන ලෙස 11 ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතුවල නිරත සියලු ම ගුරුභවතුන් දැනුවත් කරන මෙන්  අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටී.

    http://info.moe.gov.lk දිගුව මඟින් මේ සඳහා පිවිසීමේ හැකියාව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya