මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් 19 වෛරසය ආසාදිත හෝ නිරෝධයනයට ලක් කරන හෝ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හා අභිමානයට හානිවන අන්දමේ මාධ්‍ය භාවිතාවක් සිදුනොකරන්න- රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    ඔක්තෝබර් 11, 2020

    රටතුළ වාර්තාවන කොවිඩ් 19 වෛරසය ආසාදිත හෝ නිරෝධයනයට ලක් කරන හෝ පුද්ගලයන් පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී එම පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානිවන අන්දමේ දර්ශන විකාශය කිරීම දිගින් දිගටම සිදුවන බව නිරීක්ෂණය වී ඇති බවත් ඇතැම් අවස්ථාවන්හී දී රෝගීන් සහ ආශ්‍රිතයින් යනු සමාජ විරෝධීන් ලෙස හැඟෙන ආකාරයට ඇතැම් මාධ්‍ය කරුණු ඉදිරිපත් කිරීම ද දැකිය හැකි බැවින් ආසාදිත තැනැත්තන්ගේ හා ආශ්‍රිතයින්ගේ පෞද්ගලිකත්වයට හා අභිමානයට හානිවන අන්දමේ මාධ්‍ය භාවිතාවක් සිදුනොකරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ජනමාධ්‍ය මඟින් ඉල්ලීමක් කරයි.

    සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිවේදනයක් සිදු කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම ඉල්ලීම සිදු කර ඇත.

    නිකුත් කර තිබෙන නිවේදනය මෙසේ ය.

    infofd

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya