මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විභාග සඳහා සහභාගී වන දරුවන්ට විශේෂිත දුම්රිය මැදිරි එක් කිරීමේ වැඩපිළිවෙලක්- දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු

    ඔක්තෝබර් 09, 2020

    ප්‍රධාන මාර්ගයන්හි ධාවනය කරන සාමාන්‍ය දුම්රිය මඟින් විභාග සඳහා සහභාගී වන දරුවන් සඳහා පමණක් සෞඛ්‍යාරක්ෂිත විශේෂිත දුම්රිය මැදිරි කිහිපයක් එක් කිරීමට වැඩපිළිවෙලක් යොදන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා අද (09) රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

     ඒ අනුව නිරෝධායන ඇඳිරිනීතිය පවතින ගම්පහ සහ වේයන්ගොඩ අතර දුම්රිය ස්ථානයන්හි ද නැවත්වීම සිදු කෙරෙන බවත්, ඇදිරිනීතිය පවතින ප්‍රදේශවල නවත්වන දුම්රිය වෙතට මඟින් නංවාගැනීම සිදු නොකරීමට සහ විශේෂිත මැදිරි සහිත දුම්රියේ ගමන් කරන දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දුම්රිය ආරක්ෂක නිළධාරියෙකු සහ පොලිස් ආරක්ෂාව ද යෙදවීමට කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.

    එමෙන්ම, අද විභාග දෙපාර්තමේන්තුවේ දී මේ පිළිබඳව අවසන් සාකච්ඡාව සිදු කිරීමට නියමිත ව තිබෙන අතර ඇදිරිනීතිය පවතින දුම්රිය ස්ථානවල දුම්රිය නවත්වා දරුවන් දුම්රියට නංවාගැනීම පිළිබඳව බස්නාහිර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සමඟ ද සාකච්ඡා කොට ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya