මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    COVID-19 හේතුවෙන් කර්මාන්තශාලා වල සේවකයින්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ත්‍රෛපාක්ෂික නියෝජිත හමුවක්

    ඔක්තෝබර් 09, 2020

    කෝවිඩ් 19 ව්‍යසනය ආරම්භ අවධියේ හාම්පුතුන්, පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති සහ කම්කරු අමාත්‍යංශය අත්සන් කළ ත්‍රෛපාක්ෂික ගිවිසුම පසුගිය සැප්තැම්බර් 30 දින අවසන් වූ අතර, වත්මන් කොවිඩ් පැතිරයාමේ තත්ත්වය තුළ එම ගිවිසුම නැවත සමාලෝචනය කළ යුතුව ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.


    ඒම ගිවිසුම තුළින් කර්මාන්ත ශාලා වැසී ගිය කාලය තුළ හාම්පුතුන් විසින් නිවෙස්වල සිටි සේවකයන්ට අඩ වැටුප් ගෙවන ලද , අතර පසුව සේවකයන්ට සිය රැකියා ලබාදීම සිදු කරන ලදි. මේ නිසා සේවකයන්ගේ රැකියා අහිමිවීම වැලැක්වුණු බව ඇමතිවරයා පැවසීය.

    දැනට ප්‍රදේශ කිහිපයක කර්මාන්ත ශාලා කිහිපයක කෝවිඩ් 19 ව්‍යසනය පැතිර යාමත් සමග ඇති වී තිබෙන තත්ත්වය සමාලෝචනය කරමින් මෙම ගිවිසුම තවදුරටත් දීර්ඝ කරන්නේ ද යන්න සාකච්ඡා කිරීමට (07) දින කම්කරු අමාත්‍යංශයේ පැවති ත්‍රෛපාක්ෂික නියෝජිත හමුවේ දි ඇමතිවරයා පැවසීය.


    ඒහි දි කම්කරු සමිති නියෝජිතයන් කියා සිටියේ , පවතින තත්වය තුළ මෙම ගිවිසුම තවදුරටත් සංචාරක ක්ෂේත්‍රයට දීර්ඝ කිරීම සධාරණ බවත්, ඇගළුම් සහ අනෙකුත් ක්ෂේත්‍රයන්ට දීර්ඝ කිරීමට තමන් ඒකග නොවන බවය. සංචාරක නොවන අනෙකුත් ක්ෂේත්‍රයන්ට ඒම සහනය දීර්ඝ කළ යුත්තේ ඒ ඒ කම්හල්, ආයතන,වැඩබිම්වල තිබෙන බිම් මට්ටමේ තත්වයන් පිළිබදව ඒ ඒ ආයතන ඉල්ලීමක් කරනු ලබන අවස්ථාවක දි පමණක් ,ඒම ඉල්ලීමේ සදහන් කරුණු පිළිබද කම්කරු දෙපාර්තමේන්තුව විසින් පරික්ෂා කර බලා, ඒම ඉල්ලීම සධාරණ යැයි සෑහීමකට පත්විය හැකි නම් යම් සාධාරණයක් ඉටු කිරීමට තමන් ඒකග බව කම්කරු සමිති නියෝජිතයන් මෙහිදි කියා සිටියහ.


    හාම්පුතුන්ට ඒවැනි ඉල්ලීම් ඇත් නම් ඒවා නොපමාව කම්කරු කොමසාරිස් වෙත ඉදිරිපත් කරන ලෙස ද ඇමතිවරයා මෙහිදි පැවසීය. කම්කරු කොමසාරිස් සහ ආයෝජන මංඩලයේ නියෝජිතයෙකු ඒම ඉල්ලීම්ප රික්ෂා කර බලා තීරණයක් ලබාදිය යුතු බව ඇමතිවරයා මෙහි දි උපදෙස් දුන්නේය.


    වත්මන් ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කර්මාන්ත ශාලා 150 ආසන්න සංඛ්‍යාවක සේවා අඩපණ වී ඇති බව සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ මහතා පැවසූ අතර, ඔහු ඉදිරිපත් කළ අදාළ කර්මාන්ත ශාලා ලේඛනය පිළිබද ඉක්මණින් පරික්ෂා කර බලා නිරීක්ෂණ ලබා දෙන ලෙස කම්කරු කොමසාරිස්ට නියෝග කළ අතර වෘත්තීය සමිති නියෝජිතයන්ට ද ඒ පිළිබද සිය කරුණු ඉදිරිපත් කරන ලෙස ඇමතිවරයා ඉල්ලා සිටියේය. මෙම වාර්තා ලබන සදුදා වන විට (12) තමන්ට ලබාදෙන ලෙසත්, එම වාර්තා ලැබීමෙන් පසු, දෙපාර්ශවය සමග සාකච්ඡා කිරීමෙන් පසු, අඩ වැටුප් ගෙවීමට අදාල ගිවිසුම පිළිබද තීරණය කරනු ලබන බවත් ඇමතිවරයා මෙහි දී පැවසීය.


    මෙම සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ , සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ, ලෙස්ලි දේවේන්ද්‍ර, ඇන්ටන් මාකස් යන වෘත්තීය සමිති නියෝජිතයන් ද කම්කරු දෙපාර්තමේන්තුවේ නිළධාරින් ද සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya