මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ සභානායක ධූරයේ වැඩ භාරගනියි

    අගෝස්තු 21, 2020

    විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ ප්‍රථම රැස්වීම ආරමිභ වීමට ප්‍රථමයෙන් ( 20 ) දින පෙ.ව. 8.46 ට යෙදුණු සුබ මොහොතින් නිල වශයෙන් සභානායක ධූරයෙහි සිය රාජකාරි ඇරඹීය.

    මේ අවස්ථාවට රජයේ මැති ඇමතිවරු වන මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන, ජගත් කුමාර, සහ වීරසුමන වීරසිංහ යන මහත්වරුන් , රාජ්‍ය නිලධාරිහු, පවුලේ සාමාජිකයන් හා පාර්ලිමේන්‍තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


    මෙරට පාර්ලිමේන්තුවේ දහහත්වැනි සභානායකවරයා වන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව, ආගමික වතාවත්හි නිරත වුණු අතර පසුව තම කාර්යාලයීය ලිපිවලට අත්සන් තබමින් ඔහු සිය නිල කටයුතු ආරම්භ කළේය.


    අමාත්‍ය ගුණවර්ධන මහතා පසුගිය වසරේ ජනවාරි මස 03 වැනි දින සිට මාර්තු 02 දක්වා සභානායක ලෙස කටයුතු කළ අතර, ඊට පෙර සයවැනි හා හත්වැනි පාර්ලිමේන්තුවලද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස විශේෂ කාර්යභාරයක් ඉටු කර ඇත.


    මෙරට සමාජවාදයේ පියා ලෙස සැලකෙන කැබිනටි අමාත්‍යවරයකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේද, අවිස්සාවෙිල්ල මන්ත්‍රිනී කුසුමා ගුණවර්ධන මහත්මියගේද පුතණුවකු වන දිනේෂ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන මහතා රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වන අතර, මූලික උපාධිය සදහා අධ්‍යයනය කර ඇත්‍තේ ව්‍යාපාර කළමනාකරණයයි. මහජන එක්සත් පෙරමුණෙහි වත්මන් නායක ධූරය දරන දිනේෂ් ගුණවර්ධන මහතා 1983 මැයි මස දී පාර්ලිමේන්තුවට පිවිස, කැබිනට් අමාත්‍ය ධූර ඇතුළු රජයේ විවිධ වගකීම් රැසක් දැරූ පරිණත මන්ත්‍රීවරයෙකි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya