මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව දින 03ක් රැස්වේ- රජයේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

    අගෝස්තු 21, 2020

    පාර්ලිමේන්තුවේ රැස්වීම  අද (21) දිනයේදී සහ ලබන සතියේ 27 වැනිදා සහ 28 වැනිදා යන දෙදින තුළදී පැවැත්වීමට පාර්ලිමේන්තුවේදී නව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ
    ප්‍රධානත්වයෙන්   (20) දින රැස්වූ පක්ෂ නායකයෝ තීරණය කළහ.

    ඒ අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්  (20) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවක් ලෙස  (21) දිනයේ දී විවාදයට
    ගැනෙනු ඇත.

    මේ අතර ඉදිරි සැප්තැම්බර් 01 වනදා සිට 2020 වර්ෂයට අදාල අයවැය සම්මත වන තුරු කාලය සඳහා වියදම් දැරීමට රජය විසින් ඉදිරිපත් කරනු ලබන අතුරු සම්මත ගිණුම ස්ථාවර නියෝග 27 අනුව න්‍යාය පුස්තකය මගින් මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට පක්ෂ නායකයෝ තීරණය කළහ.

    අනතුරුව ලබන 27 සහ 28 යන දිනවලදී පෙරවරු 9.30 සිට පස්වරු 6.30 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමටත් එම දින දෙක තුළදී දිවා ආහාර විවේකයෙන් තොරව පාර්ලිමේන්තු රැස්වීම් පවත්වාගෙන
    යාමටත් පක්ෂ නායකයෝ තීරණය කළහ.

    මේ අතර ස්ථාවර නියෝග 27 (2) යටතේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා  (21) දින පාර්ලිමේන්තුවේදී රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇත.


    මෙම පක්ෂ නායක රැස්වීමට සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිල, මහාචාර්ය ගරු තිස්ස විතාරණ, ගරු රවුෆ් හකීම්, ගරු ගයන්ත කරුණාතිලක, මනෝ ගනේෂන්, ඩග්ලස් දේවානන්ද, රංජිත් මද්දුමබණ්ඩාර, එම්.ඒ. සුමන්තිරන් සහ ගරු ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යන මහත්වරු සහභාගී වූහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya