මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට- ජනපති පාර්ලිමේතුවේ පළමු සැසිය අරඹයි

    අගෝස්තු 20, 2020

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අද පස්වරු 3.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    සෞඛ්‍යාරක්ෂාවට මුල් තැන දෙමින් අභිමානවත් හා චාම් අයුරින් පළමු  සැසිය ඇරඹීම මෙවර විශේෂත්වයයි.


    පාර්ලිමේන්තුවට සම්ප්‍රාප්ත වූ ජනාධිපතිතුමා,පළමු සැසිය ආරම්භ කිරීමට සභාගර්භයට ඇතුළුවීමට පෙර ප්‍රධාන පියගැට පෙළ අභියස දී දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර ආශිර්වාදය පුද කළේ ය.

    කතානායකවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා ප්‍රමුඛ ලේකම් මණ්ඩලය, වේත්‍රධාරීන් පිරිවරා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසි අතර පස්වරු 3.00 ට
    පාර්ලිමේන්තුවේ  පළමු සැසිය ආරම්භ කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා රජයේ  ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළේය.

    Filephoto

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya