මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිනව පාර්ලිමේන්තුවේ නව කතානායක පත් වෙයි

    අගෝස්තු 20, 2020

    නව වැනි පාර්ලිමේන්තුවේ අභිනව කතානායක ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා තේරී පත් විය.

    ආණ්ඩුපක්ෂයේ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මන්ත්‍රීවරයාගේ නම යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ස්ථීර කිරීම සිදු කළේ ය.

    ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් පත් කිරීම භාරගත් අතර නව කතානායකවරයා සභාගර්භය මැදින් මූලාශනය වෙත කැඳවාගෙන එනු ලැබීය.

    තමන් කතානායක තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් මහින්ද යාප අබේවර්ධන මහතා සිය ස්තූතිය පළ කළේ ය. කතානායකවරයාගේ පත් වීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ සහ
    රජයේ සුබ පැතුම් එක් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව කතානායකවරයාට සුබපැතුම් එක් කරමින් පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya