අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රජයේ අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු සුබ මොහොතින් දිවුරුම් දෙයි

    අගෝස්තු 12, 2020

    නව රජයේ අමාත්‍යාංශ භාර අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු සුබ මොහොතින් දිවුරුම් දෙයි

     

    අද (12) මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම  උත්සවාකාරයෙන් සිදුවිය.යුද හමුදාපතිවරයා විසින් උත්සව සභාව වෙත ජනාධිපතිතුමා කැඳවාගෙන එනු ලැබීය, ඉන් පසුව ජාතික ගීය වාදනය කරමින් උත්සව සභාව  ආරම්භ විය. පසුව එළඹියේ උත්සව සභාව පන්ච ශීලයෙහි පිහිටුවීමේ අවස්ථාවයි. ඉන්පසු ගෞරවණීය ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනපතිතුමන්, අගමැතිතුමන් ප්‍රමුඛ දිවුරුම් දීමට අපේක්ෂාවෙන් සිටි  නව අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් ආශිර්වාද පිරිත් සජ්ඣායනයක් සිදු කරන ලදී.

    ජනපතිතුමන් සහ අගමැතිතුමන් මගුල් මඩුවේ විශේෂ පීඨිකාව වෙත සම්ප්‍රාප්තව අසුන් ගනිමින් දිවුරුම් දීමේ අවස්ථාව ආරම්භ කළේය.

    ඉන්පසු මුලින්ම සිදුකරන ලද්දේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සදහා වන පත්වීම් ලිපි ප්‍රදානය කිරීමයි. සෑම දිස්ත්‍රික්කයකටම අදාලව පත්වීම් ලිපි ප්‍රධානය මෙහිදී සිදුවිය.
    ඉන්පසු අද දින පත්වීම් ලබන සියලුම කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් සාමූහිකව එකට දිවුරමින් ප්‍රතිඥා දීම සිදුකරන ලදී.

    නව රජයේ අමාත්‍යාංශ භාර අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු අද(12) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. ආරක්ෂක කැබිනට් ධූරය ජනාධිපතිතුමා යටතේ ක්‍රියාත්මකයි.

     

    නව රජයේ කැබිනට් අමාත්‍යවරු

     
     .

    1- අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා - ආරක්ෂක
    2- මහින්ද රාජපක්ෂ මැතිතුමා - මුදල්
    3- මහින්ද රාජපක්ෂ මැතිතුමා - බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
    4- මහින්ද රාජපක්ෂ මැතිතුමා - නාගරික සංවර්ධනය හා නිවාස
    5- නිමල් සිරිපාල ද සිල්වා මහතා - කම්කරු
    6- ජී.එල්. පීරිස් මහතා - අධ්‍යාපන
    7- පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය - සෞඛ්‍ය

    8- දිනේෂ් ගුණවර්ධන මහතා - විදේශ
    9- ඩග්ලස් දේවානන්ද මහතා - ධීවර
    10- ගාමිණි ලොකුගේ මහතා - ප්‍රවාහන
    11- බන්දුල ගුණවර්ධන මහතා - වෙළෙඳ
    12- ආර්.එම්.සී.බී. රත්නායක මහතා -වනජීවි හා වන සංරක්ෂණ
    13- ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා - රාජ්‍ය සේවා, පළාත් සභා හා පලාත් පාලන

     14- කෙහෙළිය රඹුක්වැල්ල මහතා - ජනමාධ්‍ය
    15- චමල් රාජපක්ෂ මහතා - වාරිමාර්ග
    16- ඩලස් අලහප්පෙරුම මහතා - විදුලිබල
    17- ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා - මහාමාර්ග
    18- විමල් වීරවංශ මහතා - කර්මාන්ත
    19- මහින්ද අමරවීර මහතා - පරිසර
    20- එස්.එම්. චන්ද්‍ර සේන මහතා - ඉඩම්
    21- මහින්දානන්ද අළුත්ගමගේ මහතා - කෘෂිකර්ම
    22- වාසුදේව නානායක්කාර මහතා - ජලසම්පාදන
    23- උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - බලශක්ති
    24- රමේෂ් පතිරණ මහතා - වැවිලි
    25- ප්‍රසන්න රණතුංග මහතා - සංචාරක
    26- රෝහිත අබේගුණවර්ධන මහතා - වරාය හා නාවික
    27- නාමල් රාජපක්ෂ මහතා - තරුණ හා ක්‍රීඩා
    28- අලී සබ්‍රි මහතා - අධිකරණ

     

    රාජ්‍ය අමාත්‍යවරු

    1- චමල් රාජපක්ෂ මහතා - අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ
    2- පියංකර ජයරත්න මහතා - විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙදපොළ විවිධාංගීකරණ
    3- දුමින්ද දිසානායක මහතා - සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන
    4- දයාසිරි ජයසේකර මහතා -බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන
    5- ලසන්ත අලගියවන්න මහතා - සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ
    6- සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මිය -බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන
    7- අරුන්දික ප්‍රනාන්දු මහතා -පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ
    8- නිමල් ලන්සා මහතා -ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම්
    9- ජයන්ත සමරවීර මහතා -ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන
    10- රොෂාන් රණසිංහ මහතා -ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන
    11- කනක හේරත් මහතා -සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන
    12- විදුර වික්‍රමනායක මහතා - ජාතික උරුම, ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු
    13- ජානක වක්කුඹුර මහතා -උක්, බඩඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන
    14- විජිත බේරුගොඩ මහතා - දහම්පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල
    15- ෂෙහාන් සේමසිංහ මහතා - සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන , රාජ්‍ය සම්පත් සංවර්ධන
    16- මොහාන් ද සිල්වා - පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමි නාශක භාවිත නියාමන
    17- ලොහාන් රත්වත්තේ මහතා - මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත
    18- දිලුම් අමුණුගම මහතා - වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත
    19- විමලවීර දිසානායක මහතා - වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන
    20- තාරක බාලසූරිය මහතා - කලාපීය සහයෝගිතා කටයුතු

    21- ඉන්දික අනුරුද්ධ මහතා - ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන
    22- කංචන විජේසේකර මහතා - විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන
    23- සනත් නිශාන්ත මහතා - ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන
    24- සිරිපාල ගම්ලත් මහතා - මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් සංවර්ධන

    25- සරත් වීරසේකර මහතා - පලාත් සභා හා පළාත් පාලන කටයුතු
    26- අනුරාධ ජයරත්න මහතා -ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන
    27- සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා -තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන
    28- තේනුක විදානගමගේ මහතා - ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන
    29- සිසිර ජයකොඩි මහතා - දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය
    30- පියල් නිශාන්ත ද සිල්වා මහතා - කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා
    31- ප්‍රසන්න රණවිර මහතා - වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන
    32- ඩී.වී. චානක මහතා - ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන
    33- ඩී.බී. හේරත් මහතා - පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත
    34- ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා - වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම
    35- නාලක ගොඩහේවා මහතා - නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු
    36- ජීවන් තොණ්ඩමන් මහතා - වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්
    37- අජිත් නිවාඩ් කබ්රාල් මහතා - මුදල් හා ප්‍රාග්ධන වෙළෙදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ
    38- සීතා අරඹේපොළ මහත්මිය - නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්
    39- චන්න ජයසුමන මහතා - ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන

    නව ආණ්ඩුවේ අමාත්‍යවරු දිවුරුම් දීමේ උත්සවය අද(12) උදෑසන මහනුවර  දළදා මාලිගාවේ මඟුල් මඩුවේදී ආරම්භ වූ අතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් වෙත පත් වීම් ලබා දීමා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු විය.

    1 කොළඹ දිස්ත්‍රික්කය - ප්‍රදීප් උඳුගොඩ
    2 ගම්පහ දිස්ත්‍රික්කය- සහන් ප්‍රදීප් විතාන

    3 කළුතර දිස්ත්‍රික්කය - සංජීව එදිරිමාන්න

    4 මහනුවර දිස්ත්‍රික්කය - වසන්ත යාපා බණ්ඩාර
    5 නුවරඑළිය දිස්ත්‍රික්කය - එස් බී දිසානයක
    6 ගාල්ල දිස්ත්‍රික්කය - සම්පත් අතුකෝරළ
    7 මාතර දිස්ත්‍රික්කය - නිපුන රණවක

    8 හම්බන්තොට දිස්ත්‍රික්කය - උපුල් ගලප්පත්ති
    9යාපනය දිස්ත්‍රික්කය - අංගජන් රාමනාදන්
    10කිලිනොච්චිය දිස්ත්‍රික්කය - ඩග්ලස් දේවානන්දා
    11 වව්නියාව දිස්ත්‍රික්කය - කේ. දිලීපන්
    12 මන්නාරම / මුලතිව් දිස්ත්‍රික්ක - කාදර් මස්තාන්
    13ත්‍රීකුණාමලය - කපිල අතුකෝරළ
    14අම්පාර - ඩී. විරසිංහ
    15කුරුණෑගල - ගුණපාල රත්නසේකර
    16 පුත්තලම - අශෝක ප්‍රියන්ත
    17 අනුරාධපුරය - එච්. නන්දසේන
    18 පොළොන්නරුව - අමරකීර්ති අතුකෝරළ

    19රත්නපුර - අකිල එල්ලාවල

    20කෑගල්ල - රාජිකා වික්‍රමසිංහ 

    21 මාතලේ දිස්ත්‍රික්කය - නාලක බණ්ඩාර කෝට්ටේගොඩ

    22 බදුල්ල දිස්ත්‍රික්කය - සුදර්ශන දෙනිපිටිය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya