අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩුබායි සිට‍ පුද්ගලයින් තුන්සීය තිස් පස් දෙනෙකු හා දෝහා සිට පැමිණි 20ක් නිරෝධායනයට- පුද්ගලයින් 28,792 දෙදෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කරයි

    අගෝස්තු 01, 2020

    ඩුබායි සිට‍ පුද්ගලයින් තුන්සීය තිස් පස් දෙනෙකු හා දෝහා සිට පැමිණි 20ක් නිරෝධායනයට යොමු කොට ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ඊයේ (31) දින මධ්‍යම රාත්‍රියේ EK 648 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට‍ පුද්ගලයින් තුන්සීය තිස් පස් දෙනෙකු ද (335), ඒ වගේම අද (01) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා සිට පුද්ගලයින් විසි දෙනෙකු (20) මෙරටට පැමිණ ඇත‍. එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (01) දිනය තුළදී ද යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් විසි අට දෙනෙකු (28) තම නිරෝධායන කටයුතු අවසන් කර තිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව, NLC මිහින්තලේ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දහතුන් දෙනෙකු ද (13), හොටෙල් පැරඩයිස් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් පහලොස් දෙනෙකු ද (15), වශයෙන් වේ.

    එසේම, අද (01) දිනය වනවිට පුද්ගලයින් 28,792 දෙදෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (01) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබ නිරෝධායන මධ්‍යස්ථාන 33 ක් තුළ පුද්ගලයින් 1,866 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya