අද (22) දින තුළ ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුද්ගලයින් 257 ක් නිරෝධායන කටයුතු අවසන් කර තම නිවෙස් වලට යාමට නියමිතයි.
අද (22) දිනය වන විට පුද්ගලයින් 25,074 ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත ගොස් තිබේ. මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 51 ක පුද්ගලයින් 5,222 ක් නිරෝධායනය වෙමින් සිටියි.