මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී විදුලිබල අර්බුදයක් ඇති නොවීමට පුත්තලමේ මෙගාවොට් 300ක විදුලිබලාගාරයක්

    ජූනි 04, 2020

    ඉදිරියේදී විදුලිබල අර්බුදයක් ඇති නොවීම සඳහා පුත්තලමේ මෙගාවොට් 300ක විදුලිබලාගාරයක් ඉදිකිරීමට විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ගිවිසුම්වලට එළඹීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

    පසුගිය වසර පහ තුළම මෙරට කිසිදු මහාපරිමාණ විදුලි උත්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කර නොතිබූ බවත් ඒ අනුව කඩිනමින් මෙම විදුලි උත්පාදන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී තිබේ .

    තවද ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 100ක පුනර්ජනනීය විදුලිය උත්පාදන ව්‍යාපෘතිය ද කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ. විශේෂයෙන් රෝහල්,විශ්ව විද්‍යාල, පාසල් ,පරිපාලන ආයතන වැනි රාජ්‍ය ආයතන සඳහා සූර්ය බලයෙන් විදුලි නිෂ්පාදන ය මෙම වැඩසටහන යටතේ බලාපොරොත්තු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya