මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ කොමිෂන් සභාව වෙත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කළා- සෞඛ්‍ය අමාත්‍ය

    ජූනි 04, 2020

    මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය (03) COVID – 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී ප්‍රකාශ කළාය.

    (03)දින මැතිවරණ කොමිසම සමඟ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කණ්ඩායම මේ සම්බන්ධයෙන් සකච්ඡා කරනු ලැබූ බවත්, එහි දී තැපැල් ඡන්දය කෙසේ පැවැත්විය යුතු ද යන්න මෙන්ම කුමන රාජ්‍ය සේවක කණ්ඩායම් ඒ සදහා යොදවා ගත යුතු ද, ඡන්ද රැස්වීම් පැවැත්වීම, ගෙයින් ගෙට යාමේ කටයුතු පිළිබඳව, ඡන්ද දිනයේ දී ඡන්ද විමසීමේ කටයුතු සහ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කරන්නේ කෙසේ ද යනා දී කරුණු පිළිබඳව එහි දී සාකච්ඡා කෙරුණු බවත්, ඊට අදාළ සෞඛ්‍ය නිර්දේශ මැතිවරණ කොමිසම වෙත ලබා දුන් බවත් අමාත්‍යවරිය මෙහි දී ප්‍රකාශ කළාය.


    ඒ අනුව, මැතිවරණ කොමිසම මෙම ලබා දුන් නිර්දේශ වලට අනුකුල ව සෞඛ්‍යාරක්ෂිත මැතිවරණයක් මෙරට ඉතා ඉක්මණින් පැවැත්විය හැකි වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඒ මහත්මිය සදහන් කළාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya