මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශයට අනුව කටයුතු කරන්න- සෑම ඡන්ද මධ්‍යස්ථානයක් සදහා ම සෞඛ්‍ය කාර්යය මණ්ඩල නිළධාරියෙක්- මහින්ද දේශප්‍රිය

    ජූනි 04, 2020

    මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශයට අනුව දැවැන්ත රැස්වීම්, රැළි, සංදර්ශන නොපවත්වන ලෙසත්, රැස්වීම් සදහා ජනතාව ප්‍රවාහනය සිදු නොකරන ලෙසත් සියලුම දේශපාලන පක්ෂ වල අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින බවත්, මැතිවරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා  මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

     

    වතු රැස්වීම් පවත්වන්නේ නම් ඒ අතර දුරස්ථභාවය පවත්වාගත යුතු වන අතර ඊට සහභාගී විය හැකි පුද්ගලයින්ගේ උපරිම ගණන 30 දෙනකු වන අතර පවත්නා සැම රැස්වීමක දී ම දෑත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, යනා දී සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළ යුතු වේ.

    දේශපාලන ක්‍රියාකාරකයින්ට වෙන් වෙන් වශයෙන්අඩු වැඩි වශයෙන් විශේෂ කොට සැළකීම මැතිවරණ කොමිෂන් සභාවේ ස්වභාවය නොවන බවත්, එවැනි විශේෂ කොට සැළකීම් සම්පුර්ණයෙන්ම වැළක්වීමට කටයුතු කරන බවත් එමෙන්ම, ඡන්ද විමසීමට ඉදිරිපත් වී සිටින මහනගර සභා වල, නගර සභාවල සභාපතිවරුන්ට හා ප්‍රාදේශීය සභාවේ සභාපති වරුන්ට, මෙන්ම නගරාධිපතිවරුන් ට හා නියෝජ්‍ය නගරාධිපතිවරුන් ට පවත්නා තනතුරුවලින් නිවාඩු ලබා ගන්නා ලෙසත්, ඒ සම්බන්ධ ව තදින්ම ක්‍රියාත්මක වන බවත්, රජයේ දේපොළ පාලනය පිලිබදව හා රාජ්‍ය මාධ්‍ය වල පාලනය පිළිබඳව ද ක්‍රියාකරන බව ද මෙහි දී දේශප්‍රිය මහතා සදහන් කළේය.


    එමෙන්ම, අද සිට සියලුම දිස්ත්‍රික් මැතිවරණ පැමිණිළි විමර්ශන කාර්යාංශය ආරම්භ කෙරෙන අතර එය ලබන සදුදා සිට සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක බව ද මෙහි දී සදහන් කෙරිණි.

    සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් මැතිවරණයට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ එම කණ්ඩායම මඟින් අද දිනයේ දී මැතිවරණ කොමිසමට ලබා දුන් මාර්ගෝපදේශය අධ්‍යනය කිරීමෙන් අනතුරුව මැතිවරණය පැවැත්වීමේ දිනය සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත දැන්වීම නිකුත් කිරීමේ කටයුතු ලබන සතියේ සදුදා දිනයේ පැවැත්වෙන කමිෂන් සභාවේ රැස්වීමෙන් අනතුරුව ප්‍රකාශ කරන බවත්, ඊට අනුකුල ව මැතිවරණය ඉතා ඉක්මණින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරන බවත් කියා සිටියේය.


    සෞඛ්‍ය අංශයේ යහපත් ප්‍රතිචාරයක් මෙලෙස ලැබෙන තෙක් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මඟින් කිසිඳු පියවරක් නොගැනීමට කටයුතු කළ බවත්, මැතිවරණය පැවැත්වීමේ මාර්ගෝපදේශ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනාත්, ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යයාල වල සිටින සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමඟ නැවතත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.


    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පවතින රෝහල්වල, කොවිඩ් වසංගතය පාලනය කරන රෝහල් වල සේවය කරන කාර්යය මණ්ඩලයට, මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යය මණ්ඩලවල සේවය කරන කාර්යය මණ්ඩලයට, සේවයේ නියුතු වෛද්‍ය නිළධාරීන්, මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන් සියලු දෙනා හට තැපෑලෙන් ඡන්දය අයදුම් කරන ලෙස ඉල්ලා සිටි බවත්, ඔවුන්ගේ අයදුම්පත්‍ර භාර ගැනීමේ අවසන් දිනය ලබන 08 වන දින දක්වා දීර්ඝ කර ඇති බවත්, දේශප්‍රිය මහතා මෙහි දී නිවේදනය කළේය. එකී අයදුම්පත් එදිනට හෝ ජුනි 09 වන දින ළඟම තිබෙන දිස්ත්‍රික් මැතිවරණ කර්යයාලවලට භාර දෙන ලෙස දන්වා සිටි.

    එමෙන්ම, සෑම ඡන්ද මධ්‍යස්ථානයක් සදහා ම සෞඛ්‍ය කාර්යය මණ්ඩල නිළධාරියෙක් අනියුක්ත කිරීමට බලාපොරොත්තු වන අතරම, සැම ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් අධීක්ෂණය කිරීම සදහා වෛද්‍යවරයෙක්, හෙද කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකු ඇතුළු සෞඛ්‍ය සේවයේ කාර්යය මණ්ඩල වල සහාය අනිවාර්යෙන් ලබා ගැනීමට ද අපේක්ෂා කරන බව ද ඒ මහතා මෙහි දී සදහන් කළේය.

    තව ද, වසංගතය කිසිසේත්ම අවසන් යැයි සිතා කටයුතු නොකරන ලෙසත් මහජනතාවගෙන් සහ අදාළ පක්ෂ වල අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටි සභාපතිවරයා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් වලට යටත් වෙමින් ඊට අනුකුල ව මැතිවරණ කටයුතු ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, රෝගය පාලනය කරගනිමින් විශ්වසනීය සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමටත් තමන් බලාපොරොත්තු වන බව ද වැඩිදුරටත් සදහන් කළේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya