අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුව ඇමැතිණිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වන සැසිවාරය අමතයි

    මැයි 19, 2020

    COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වන සැසිවාරය ඊයේ (18) නවීන විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විය.

    එම සැසිවාරය 18 සහ 19 යන දෙදින තුල පැවැත්වේ. රටවල් 194 නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරු ඇතුලු නියෝජිතයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වන සැසිවාරය සදහා සම්බන්ධ වේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (18) පස්වරුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත කාර්යාලයේ දී වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සමුළුව අමතන ලදි.

    මෙහිදී පළමුවෙන්ම සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් COVID-19 ගෝලීය වසංගත තත්ත්වයේ දී වෛරසය පාලනය හා මැඩපැවැත්වීමට ශ්‍රී ලංකා රජයට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මගපෙන්වීම හා උපදෙස් ලබාදීම පිළීබද ස්තූතිය පුද කරන ලදි. ලෝක සෞඛ්‍ය සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනම් ගේබ්‍රියෙසස් (Dr.Tedros Adhanom Ghebreyesus) මහතාගේ නායකත්වය ද ඇගයීමට ලක් කරන ලදි. එමෙන්ම සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් තුමා සහ 73 වන සභාවාරයේ සභාපති තුමා ඇතුලු සියළු නියෝජිතයින්, ඇතුලු රටවල් 194 නියෝජනය කරමින් සම්බන්ධ වූ සෞඛ්‍ය අමාත්‍යවරුන්ට සුබ පැතුම් ද එක් කරන ලදි.

    2019 වසරේ පැවැති 72 වන ලෝක සෞඛ්‍ය සමුළුවේ සිට 2020 මෙවර සෞඛ්‍ය සමුළුව දක්වා කාලය තුල ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය ලෝක සෞඛ්‍ය නියෝජිතයින් දැනුවත් කරන ලදි.

    මීට අමතරව විශ්වීය සෞඛ්‍ය ආරක්ෂණය හා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක සේවා පද්ධතිය ශ්‍රී ලංකාව තුල විශිෂ්ට ලෙස පවත්වා ගන්නා ආකාරය පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යතුමිය සිය දේශණයේ දී අදහස් දක්වන ලදි. COVID-19 ගෝලීය වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ කාර්යභාරය හා එම වසංගතය හමුවේ වෛරසය රට තුල පාලනය හා මර්දනය, ප්‍රතිකාර සේවාවන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමේ වැදගත්කම ද සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් පෙන්වා දෙන ලදි.

     

    අවසාන වශයෙන් COVID-19 ගෝලීය වසංගතය මැඩලීමට ශ්‍රී ලංකාව සතු අත්දැකීම් අනෙකුත් රටවල් සමග බොදාගැනීම මෙන්ම අනෙක් රටවල ඇති විශිෂ්ඨ දෑ රට තුල COVID-19 වෛරසය මර්දන ක්‍රියාවලියට උපයෝගි කර ගැනීමට ද ගෝලීය ප්‍රජාව සමග එක්වන බව සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී ප්‍රකාශ කරන ලදි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya