මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පී.සී.ආර් පරික්ෂණ මගින් ලබා දෙන දත්ත සඳහා විවිධ චෝදනා එල්ල කරමින් ජනතව නොමඟ යැවීමට උත්සහ කරනවා

    මැයි 11, 2020

    සෞඛ්‍ය කාර්යමණ්ඩලය සහ ත්‍රිවිධ හමුදා නිලධාරින් මෙන්ම විශ්ව විද්‍යාල විද්වතුන්ද කොවිඩ්-19 ව්‍යසනය හමුවේ පර්යේෂණාගාර තුළ දිවා රාත්‍රී වෙහෙසෙමින් කටයුතු කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

     

    එහෙත් ඇතැම් පිරිස් මෙම විද්වතුන්ගේ සේවය නොසලකා හරිමින් විශ්ව විද්‍යාල මගින් සිදු කරනු ලබන පී.සී.ආර් පරික්ෂණ මගින් ලබා දෙන දත්ත සඳහා විවිධ චෝදනා එල්ල කරමින් සිටින බවද ඒ මහතා සඳහන් කරයි. අමරතුංග මහතා මේ බව පැවසුවේ අද(11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

    ලෝකයේම පිළිගත් ප්‍රමිතීන්ට අනුව පිළිගත් විද්වතුන් විසින් මෙම පර්යේෂණ සිදු කරන බවත් එහෙත් ඇතැම් පිරිස් පටු අරමුණු වෙනුවෙන් මේ සම්බන්ධයෙන් මේ සම්බන්ධව මහජනයා නොමගහරිමින් සිටින බවද ඒ මහතා පැවසීය.

    කොළඹ විශ්ව විද්‍යාලයට පවා මෙම චෝදනා එල්ල කර ඇති අතර , ජාත්‍යන්තර කීර්තිය ලබා ඇති මෙම විශ්ව විද්‍යාල වලට කැලළක් ඇති කරන සිදුවීමක් බවද ඒ මහතා සඳහන් කළෙය. . කොළඹ විශ්ව විද්‍යාලයේ පී.සී.ආර් යන්ත්‍ර ජර්මන් රජය විසින් කොළඹ විශ්ව විද්‍යාලයට ලබා දුන් හොඳම පී.සී.ආර් යන්ත්‍ර බවද ඒ මහතා පැහැදිලි කළේය.

    කොවිඩ් 19 වසංගතය හමුවේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපන කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළ ඒ මහතා පැවසුවේ,සතියෙන් සතිය විශ්වවිද්‍යාල පද්ධතිය තම වෙබ් අඩවි යාවත්කාලින කිරීම තුළින් තම අධ්‍යාපන කටයුතු සිදු කරන බවයි.

    විශ්ව විද්‍යාල සිසුන් 125000 ක් මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ මේ වන විටත් අධ්‍යාපනය හදාරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ එම සිසුනට අන්තර්ජාලයට පිවිසීම සඳහා පැය 24 ම අන්තර්ජාල පහසුකම් නොමිලයේ ලබා දීමට කටයුතු කළ බවද සඳහන් කර සිටියේය.

    ඒ අනුව මාර්තු මස 13 වනදින සිට මේ දක්වා අන්තර්ජාලය තුළ අධ්‍යාපන ක්‍රියාකාරකම් මිලියන 07කට ආසන්න ප්‍රමාණයක් සිදු කර ඇති බවද විශ්ව විද්‍යාල මට්ටමින් සාර්ථකව අත්හදා බැලුණු මෙම දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද ඉදිරියටත් පවත්වාගනිමින් මෙරට විශ්ව විද්‍යාල පද්ධතියට වැඩි සිසුන් පිරිසක් බඳවා ගැනීම පිළිබඳව ඉදිරියේදී සළකා බලන බවද සභාපතිවරයා වැඩි දුරටත් කීය.
    විශ්ව විද්‍යාලයට ඇතුල් වන විටම සිසුන්ට පරිඝණකයන් ලබා දීම පිළිබඳව ද උසස් අධ්‍යාපන අමාත්‍යතුමා සමග සාකච්ඡා කරමින් සිටින බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

    මෙම මාධ්‍ය හමුවට උසස් අධ්‍යාපන හා තාක්ෂණ නවෝත්පාදන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු විශ්වවිද්‍යාල නියෝජනය කරමින් උපකුලපතිවරු රැසක් එක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya