මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ව්‍යවසාය සංසදය' එළිදකියි  

    මාර්තු 04, 2020

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) විසින් 'ජාතික ව්‍යවසාය සංසදය' එළි දැක්වීම (03) BMICH හිදී සිදුකෙරිණි.

    ව්‍යවසායකයන්ට ඇති ගැටළුවලට විසදුම් ලබාදීම සහ ඔවුන් නගා සිටුවීම මෙම 'ජාතික ව්‍යවසාය සංසදය' පිහිටුවීමේ ප්‍රධාන අරමුණ විය. ව්‍යවසායකයින් මුහුණදී ඇති ගැටළු විසදීමට මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියාකරමින් ඔවුන් දිරිමත් කිරීමට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ප්‍රධානත්වය ගෙන කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම පිණිස මෙම සංසදය පිහිටුවීය.

    මෙම අවස්ථාවට ව්‍යවසායකයින් සහ ඔවුන්ගේ ගැටළු සදහා පිළිතුරු ලබාදීමට අමාත්‍යාංශ නිලධාරීන්, රාජ්‍ය ආයතන නිලධාරීන්, පෞද්ගලික ආයතන, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු, නියෝජනය කරමින් නියෝජිතයෝ රැසක් සහභාගී වූහ. ව්‍යවසායකයන්ට ඒ මොහොතේම තමන්ට ඇති ගැටළු ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණු අතර ගැටළුවට අදාළ පාර්ශව විසින් ඒ මොහොතේම පිළිතුරු ලබාදීම ද සිදුවිය. ඉදිරියේදීත් මාස දෙකකට වරක් මුණගැසී ප්‍රගතිය සමාලෝචනය කිරීමට ද තීරණය කෙරිණි.

    ජාතික ව්‍යවසාය සංසදය (NEF) නමින් වෙබ් අඩවියක් එළි දැක්වීම ද මෙහිදී ඇමතිවරයා අතින් සිදු කෙරිණි. මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂක ජෙනරාල් අනුෂ්ක ගුණසිංහ, ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ නිලධාරීහු සහ ව්‍යවසායකයෝ රැසක් ද එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya