මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’ (SHADHINOTA) නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

    මාර්තු 04, 2020

    බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’ (SHADHINOTA) නෞකාව මාර්තු 03  කොළඹ වරායට ‍සේන්දු විය.

    එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව  එම නෞකාව පිළිගන්නා ලදී.

     

    ඒ අනුව, දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් දිවයිනට පැමිණි මෙම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් මුස්ටෆා සිලූර් රහීම් කාන් (Captain Mostafa Zillur
    Rahim Khan)මහතා ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා හමුවී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක නිරත විය.
    එහිදී එම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු අතර, මෙම මස 05 වන දින දක්වා මෙම නෞකාව දිවයිනෙහි රැදී සිටීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya